‘ටී-කප්’ පාපැදි සවාරියට කණ්ඩායම් 14 ක්
ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය දෙවැනි වරට සංවිධානය කරන ‘ටී-කප්’ රේසිං පාපැදි සවාරිය මැයි මස 4, 5 සහ 6 යන දින වලදී දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ (පාසිකුඩා) සිට බස්නාහිර වරළ තීරය (මීගමුව) දක්වා දක්වා පැවැත්වේ.
අදියර තුනකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ පළමු අදියර මැයි මස 4 වැනිදා ආරම්භ වන අතර එහිදී තරගකරුවන්ට පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ හරහා මහියංගනයට පැමිණීමට සිදුවේ. පළමු අදියරේ මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 133 කි.
දෙවැනි අදියර මැයි මස 5 වැනිදා මහියංගනයෙන් ආරම්භ වන අතර එහිදී තරගකරුවන් හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, දිගන සහ තැන්නේතුඹුර හරහා මහනුවර දක්වා කිලෝ මීටර් 92 ක දුරක් ගමන් කළ යුතුය.
මැයි මස 6 වැනිදා මහනුවරින් ආරම්භ වන තෙවැනි අදියරේදී තරගකරුවන්ට කිලෝ මීටර් 125 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දංකොටුව හරහා මීගමුවට පැමිණිමෙන් එම අදියර නිමාවට පත් වේ.
මෙම පාපැදි සවාරියට රටවල් 11 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 14 ක් සහභාගි වන අතර එම එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 5 දෙනා බැගින් ඇතුළත්ව සිටිති. සත්කාරක ශ්‍රී ලංකාව, ජපානය සහ මැලේසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 2 බැගින් තරගායවලියට එක්ව සිටින අතර ඊට සහභාගිවන සෙසු රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, කසකස්තානය, කොරියාව, ලාඕසය, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තයයි.
තරගයට සහභාගි වන තරගකරුවන් සියලු දෙනා මැයි මස 3 වැනිදා මීගමුවේ සිට පාසිකුඩා දක්වා රැගෙන යනු ලබන අතර එදිනම පාසිකුඩාහි ජාතික නිවාඩු නිකේතනය වන පාසි විලා හෝටලයේදී තරගකරුවන් ලියාපදිංචි කිරීම සිදුකෙරේ.
තරගයේ පළමු ස්ථානය දිනාගන්නා ක්‍රීඩකයාගේ සිට 20 වැනි ස්ථානය හිමිකර ගන්නා ක්‍රීඩකයා දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඒ සඳහා වෙන්කර ඇති මුලු මුදල රුපියල් මිලියන 3.7 කට ආසන්න වන බව සංවිධායකයෝ පවසති.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගය සඳහා දෙස් විදෙස් තරගකරුවන් රැසක් සහභාගි වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනාටම නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය සූදානමින් සිටියි.
‘ටී-කප්’ පාපැදි සවාරියට සහභාගි වන කණ්ඩායම්
■ ඔලිවර්ස් රියල් ෆුඞ් රේසිං කණ්ඩායම (ඕස්ට්‍රේලියාව)
■ කිනන් පාපැදි කණ්ඩායම (ජපානය)
■ යුක්යෝ කණ්ඩායම (ජපානය)
■ විනෝ-ඇස්ටානා මෝටර්ස් කණ්ඩායම (කසකස්තානය)
■ ගැපියෝං කණ්ඩායම (කොරියාව)
■ නෙක්ස් සී.සී.එන්. පාපැදි කණ්ඩායම (ලාඕසය)
■ ටෙරෙන්ගානු පාපැදි කණ්ඩායම (මැලේසියාව)
■ ගෝ ෆෝ ගෝල්ඞ් කණ්ඩායම (පිලිපීනය)
■ නෙක්ස් පාපැදි කණ්ඩායම (සිංගප්පූරුව)
■ රූජායි පාපැදි කණ්ඩායම (තායිලන්තය)
■ මැලේසියානු ජාතික කණ්ඩායම
■ ප්‍රංශ ආරක්ෂක සේවා කණ්ඩායම
■ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම
■ ශ්‍රී ලංකා පාපැදි සභාපතිවරයාගේ කණ්ඩායම
ඡායාරූප - ශානුක අරවින්ද