Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ස්පෝට්රයිසන් සංචාරක නියෝජිත ආයතනය පළමු වරට සංවිධානය කළ ‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පිලිපීනයේ ඔකොනර් ජෝජ් ලුවිස් සමත් විය. මෙම පාපැදි සවාරිය අදියර තුනකින් සමන්විත වූ අතර අද (9 වැනිදා) පැවැති තෙවැනි අදියfරේදී 22 වැනි ස්ථානයට පත් වුවද, පළමු අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් සහ දෙවැනි අදියර ජය ගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔකොනර්ට සමස්ත ශූරතාව දිනාගැනීමට හැකිවිය.
නෙදර්ලන්තයේ වෝනර් සැමුවෙල්ස් සමස්ත තරගයේ අනු ශූරතාව හිමිකර ගත් අතර ශූරතාව දිනාගත් ඔකොනර් සහ සැමුවෙල්ස් අතර පැවැති සමස්ත තරගයේ කාල පරතරය තත්ත්පර 5 ක් පමණි. නෙදර්ලන්ත කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් වූ ෆිටි්‍රයන්ටෝ හැරි සමස්ත තරගයේ තෙවැනි ස්ථානයට පත් විය.
වෝනර් සැමුවෙල්ස් පළමු අදියරේ තෙවැනි ස්ථානය සහ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින්ද, ෆිටි්‍රයන්ටෝ හැරි පළමු අදියරේ 8 වැනි ස්ථානය සහ දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින්ද දක්ෂතා දැක්වූහ. එසේ වුවත් ඔවුන් දෙදෙනාටද ඔකොනර්ට මෙන් තෙවැනි අදියරේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය.
ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය සමස්ත තරගයේ 7 වැනි ස්ථානය හිමිකර ගනිමින් දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. පළමු අදියරේ සිවුවැනි ස්ථානය හිමිකරගත් හිමිකරගත් බුද්ධික, දෙවැනි අදියරේ 12 වැනි ස්ථානය සහ තෙවැනි අදියරේ 13 වැනි ස්ථානය හිමිකර ගනිමින් දක්ෂතම දේශීය ක්‍රීඩකයා බවට පත්විය.
සමස්ත තරගයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර එහි දෙවැනි ස්ථානය පිලිපීන කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය මැලේසියානු කණ්ඩායමටත් හිමි විය.
අද පැවැති තෙවැනි අදියර ජය ගැනීමට මැලේසියාවේ හමිඩුන් හම්ඩාන් සමත් වූ අතර ඔහුට එම අදියර නිමා කිරීම සඳහා පැයි 2 යි, විනාඩි 58 යි, තත්ත්පර 09 ක කාලයක් ගතවිය. තෙවැනි අදියර ජයගැනීමට සමත් වුවද, සමස්ත තරගයේ පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතර හම්ඩාන් ස්ථානයක් හිමි නොවිය.
හම්ඩාන් සමගම එක පොකුරේ පැමිණි තවත් ක්‍රීඩකයන් 5 දෙනෙක් එකවර තරගය නිමා කළ අතර ඉන් සිවු දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වූහ. එහිදී ගුවන් හමුදා ක්‍රීඩකයන් වන ජීවන් ජයසිංහ දෙවැනියා ලෙසත්, නවීන් රුචිර තෙවැනියා ලෙසත්, ඬේන් නුගේරා සිවුවැනියා ලෙසත් තරගය නිමා කළ අතර නාවික හමුදාවේ හේමන්ත කුමාර තරගය නිමා කළේ හය වැනියා ලෙසිනි.
මෙම පාපැදි සවාරියේ පළමු අදියර 7 වැනිදා පාසිකුඩා සිට මහියංගනය දක්වාද (කිලෝ මීටර් 132.4), දෙවැනි අදියර පෙරේදා (8 වැනිදා) මහියංගනයේ සිට මහනුවර දක්වාද (කිලෝ මීටර් 91.6), තෙවැනි අදිය ඊයේ (9 වැනිදා) මහනුවර සිට මීගමුව දක්වාද (කිලෝ මීටර් 124.5) පැවැත්විණ. දෙස් විදෙස් කණ්ඩායම් 13 ක් නියෝජනය කරමින් ඊට සහභාගි වූ තරගකරුවන් සංඛ්‍යාව 61 කි.
සමස්ත තරග ප්‍රතිඵල
1 ඔකොනර් ජෝජ් ලුයිස් (පිලිපීනය) - පැය 8.17:13
2 වොල්කර්ස් සැමුවෙල් (නෙදර්ලන්තය) - පැය 8.17:18
3 ෆිටි්‍රයන්ටෝ හැරි (නෙදර්නල්තය) - පැය 8.19:07
4 කයුබිට් බූට්ස් රයන් (පිලිපීනය) - පැය 8.19:15
5 මොහොමඞ් ඩැනියෙල් (මැලේසියාව) - පැය 8.21:25
6 සොෆියාන් නබිල් ඔමාර් (මැලේසියාව) - පැය 8.21:57
7 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) - පැය 8.24:14
8 නෙදර්ලොෆ් ලෙක්ස් (නෙදර්නල්තය) - පැය 8.24:25
9 සුරංග රණවීර (දෙහිවල - ගල්කිස්ස මහ නරග සභාව) - පැය 8.24:41
10 ඩොයිලිං බැස්ටියන් (සිංගප්පූරුව) - පැය 8.25:35
තෙවැනි අදියරේ තරග ප්‍රතිඵල
1 හමිඩුන් හම්ඩාන් (මැලේසියාව) - පැය 2.58:09
2 ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) - පැය 2.58:09
3 නවින් රුචිර (ගුවන් හමුදාව) - පැය 2.58:09
4 ඬේන් නුගේරා (ගුවන් හමුදාව) - පැය 2.58:09
5 නෙදර්ලොෆ් ලෙක්ස් (නෙදර්නල්තය) - පැය 2.58:09
6 හේමන්ත කුමාර (නාවික හමුදාව) - පැය 2.58:09
7 මොහොමඞ් ඩැනියෙල් (මැලේසියාව) - පැය 2.58:14
8 ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව) - පැය 2.58:16
9 සොෆියාන් නබිල් ඔමාර් (මැලේසියාව) - පැය 2.59:01
10 කාශ්‍යප සිරිවර්ධන (ටෙලිකෙම් සමාගම) - පැය 2.59:01
ටී-කප් පාපැදි සවාරිය අදියර - 3 උණුසුම් අවස්ථා ...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.