Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner 17 වැනි අදියරේ ජය රොග්ලික්ට

17 වැනි අදියරේ ජය රොග්ලික්ට

Nisanka Sandeepani - 2017 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 17 වැනි අදියර ජය ගැනීමට ස්ලෝවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් සමත් විය. කිලෝ මීටර් 183 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ ලේ මූරේ නරගයෙන් ආරම්භ වී සේරී චෙවේලියර් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා රොග්ලික්ට ගත වූ කාලය පැය 5 යි විනාඩි 07 යි තත්ත්පර 41 කි. 

රොග්ලික්ට වඩා මිනිත්තු 1:13 ක් පසුපසින් පැමිණ තරගය අවසන් කළ කොලොම්බියාවේ රිගොබර්ටෝ ඌරන් 17 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, මහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් සහ ප්‍රංශයේ වැරෙන් බර්ගුයිල් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ. 

තරගයේ 17 වැනි අදියර ජයගැනීමට රොග්ලික් සමත් වුවද, මුල් අදියර 16 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල ඔහුට හිමිව ඇත්තේ සමස්ත තරගයේ 30 වැනි ස්ථානයයි. 

අදියර 17 ක් අවසන් වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට සිටින මහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත්ව සිටින අතර ඒ සඳහා ඔහුට ගතවී ඇති මුලු කාලය පැය 73.27:26 කි. ෆෝම්ට වඩා තත්ත්පර 27 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගොබර්ටෝ ඌරන් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ෆෝම්ට වඩා තත්ත්පර 27 ක් පසුපසින් සිටින ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි. 

පාපැදි සවාරියේ 18 වැනි අදියර අද (20 වැනිදා) බ්‍රියෑන්කොන් නරගයෙන් ආරම්භ වී ඉසෝවාඞ් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 179.5 කි. 

සමස්ත තරගයේ ප්‍රතිඵලය 

1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 73.27:26 
2 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 73.27:53 
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 73.27:53 
4 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 73.28:19 
5 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 73.28:50 
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 73.29:03  
7 සයිමන් යේට්ස් (මහ
බ්‍රිතාන්‍යය) - පැය 73.30:33 
8 ලුවිස් මේයින්ට්ජෙස් (දකුණු අප්‍රිකාව) - පැය 73.32:01 
9 ඇල්බර්ටෝ කොන්ටඩෝර් (ස්පාඤ්ඤය) - පැය 73.33:11 
10 වැරෙන් බර්ගුයිල් (ප්‍රංශය) - පැය 73.34:18 

-036 


අදහස් (0)

17 වැනි අදියරේ ජය රොග්ලික්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.