Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ වයස 21 න් පහළ ජාතික ස්නුකර් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදාවේ එම්. එෆ්. එම්. ෆසීල් සමත්විය.
තරගාවලිය කොළඹ ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජයීය ස්නුකර් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
මෙම තරගාවලියේ අවසන් තරගයෙන් යෝනක ඉස්ලාමීය සංස්කෘතික සංගමයේ එම්. ෂාමිල් පරදවා රාමු 4-1 ක ජයක් ලැබීමට ෆසීල් සමත් විය.
තරගාවලියෙ අවසන් පුර්ව වටයේදී එම්.ෂාමිල් විසින් යුද හමුදාවේ එස්.එම්.රසීද් (රාමු 3-0) පරාජය කරන ලද අතර එෆ්. එම්. ෆසීල් විසින් යුද හමුදාවේම ක‍්‍රීඩක එම්. රිකාෂ් (රාමු 3-1) පරාජය කරන ලදී. එම්. රිකාෂ් පරදවා රාමු 2-0 ක ජයක් ලබාගත් එස්. එම්. රසීද් තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය.
තරගාවලියේ හොඳම ක‍්‍රීඩකයන් සිවුදෙනා වයස 21 න් පහළ ආසියානු ස්නුකර් තරගාවලියට සහභාගිවීමට නියමිතය.
අවසන් තරගයේ ප‍්‍රතිඵල:
එම්.එෆ්.එම්. ෆසීල් විසින් එම්. ෂාමිල් පරාජය කරන ලදී. 4-1 (55/25, 63/31, 66/16, 25/58, 68/57)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.