Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඞ්බුල් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කරන ‘රෙඞ් බුල් රයිඞ් මයි වේව්’ රළ මත ලිස්සා යාමේ (සර්ෆින්) තරගාවලිය මේ මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ආරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්වේ.
රළ මත ලිස්සා යාමේ ජාත්‍යන්තර නීති රීති වලට අනුව රළ මත ලිස්සා යාමේ වෘත්තිකයින්ගේ සංගමයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට දෙස් විදෙස් රළ මත ලිස්සා යාමේ කී‍්‍රඩකයින් රැසක් සහභාගී වීමට නියමිතය.
ශ‍්‍රී ලංකාව තුළ තවදුරටත් සර්ෆින් කී‍්‍රඩාව ප‍්‍රචලිත කිරීම සහ ශ්‍රී ලංකා සර්ෆින් කී‍්‍රඩකයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණයි.
වසර කීපයක් පුරා සර්ෆින් කී‍්‍රඩා ඉසව් සඳහා කි‍්‍රයාකාරී ලෙස සම්බන්ධ වන රෙඞ් බුල් සමාගම ලොව පුරා සියලූම මහද්වීපයන්හී පැවැත්වෙන තරගාවලි සඳහා තම සත්කාරකත්වය දී තිබේ.
රෙඞ්බුල් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 2013 වසරේදී පෙරුවියානු ජාතික සර්ෆින් කී‍්‍රඩක ගේබි‍්‍රයල් විල්ලරන්ගේ ප‍්‍රධානත්වයෙන් තරුණ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් 30 දෙනක් පමණ සහභාගී කරවාගෙන ‘ලෝකල් හීරෝ’ නමින් පවත්වන ලද පුහුණු වැඩමුළුව සහ ඉන් අනතුරුව පැවැත්වූ සර්ෆින් තරගාවලියේ සාර්ථකත්වය තුළින් 2014 වසරේදී ‘රෙඞ් බුල් රයිඞ් මයි වේව්’ මංගල සර්ෆින් තරගාවලිය පැවැත්විණ.
එම තරගාවලියේදී සර්ෆින් ක‍්‍රීඩාවේ නියැලී සිටි නැගෙනහිර සහ දකුණු වෙරළ තීරයන්හී සර්ෆින් කී‍්‍රඩකයින් දක්ෂ ලෙස තරග වැදුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස දිවයිනේ හොඳම සර්ෆින් ක‍්‍රීඩකයින් සිටින්නේ කිනම් වෙරළ තීරයකදැයි හඳුනාගැනීමට අවස්ථාව සැලසිණ.
එහිදී කොස්ටරිකා රාජ්‍යයේ වෘත්තීය සර්ෆින් කී‍්‍රඩක ඩියෙගෝ නරන්ජෝගේ විනිශ්චය යටතේ පැවති තරගාවලිය ජයග‍්‍රහණය කළ නැගෙනහිර වෙරළ කී‍්‍රඩකයෝ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මාලදිවයිනේ පැවැති ‘රෙඞ් බුල් බෝත් වේස්’ සර්ෆින් තරගාවලියේදී පිළිවෙලින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගත්හ.
‘රෙඞ්බුල් රයිඞ් මයි වේව් 2015’ සර්ෆින් තරගාවලිය සඳහා සහභාගී වන තරගකරුවන් මේ මස 19 දිනට පෙර www.redbull.com/ridemywave වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.