Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner 24 වැනි වරටත් ජාතික ශූරයා සිරිසෝම

24 වැනි වරටත් ජාතික ශූරයා සිරිසෝම

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා බිලියඩ් සහ ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 64 වැනි ජාතික බිලියඞ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම සමත්විය. සිරිසෝම, ජාතික බිලියඞ් ශූරතාව දිනා ගත් 24 වැනි අවස්ථාව මෙයයි.

කොළඹ සුගතදාස හෝටලයේ බිලියඞ් සහ ස්නුකර් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයේදී මුවර්ස් ක‍්‍රීඩා සමාජයේ එස්. එච්. එම්. අස්ලම් රාමු 6-1 කින් පරාජය කරමින් සිරිසෝම ජය ලැබීය. වරාය අධිකාරිය නියෝජනය කරන සිරිසෝම 1985 වසරේ පළමු වරට ජාතික බිලියඞ් ශූරතාව දිනා ගත්තේය.

2011 වසරේදී පරාජය වීම හැරෙන්නට ලෝක බිලියඞ් ශූර එම්.ජේ.එම්. ලාෆීර් මහතා පිහිටුවා තිබු ජාතික වාර්තාවද (ශූරතා 16) බි`ද දමමින් මේ දක්වා ජාතික බිලියඞ් ශූරතාව 24 වතාවක් දිනා ගැනීමට සිරිසෝම සමත් වී තිබේ.

මෙවර තරගාවලියේ අවසන් පුර්ව වටයේදී එම් අස්ලම් විසින් යුද හමුදාවේ සුසන්ත වික‍්‍රම (රාමු 5-0) ද, කේ.එච්. සිරිසෝම විසින් අනිල් රෝහණ ද (රාමු 5-2) පරාජය කරන ලදී.

ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය පැවැත්විණ.


අවසන් තරගයේ ප‍්‍රතිඵල:

කේ. එච්. සිරිසෝම විසින් රාමු 6-1 කින් එස්. එච්. එම්. අස්ලම් පරාජය කරන ලදී.
(100/91, 100/51, 102/96, 103/88, 70/100, 100/85, 101/83)

 


අදහස් (0)

24 වැනි වරටත් ජාතික ශූරයා සිරිසෝම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.