Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අදිල් - ආදිත්‍යා 14න් පහළ ශූරතා දිනති

අදිල් - ආදිත්‍යා 14න් පහළ ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 14 න් පහළ ටෙනිස් තරගාවලියේ බාලක සහ බාලිකා අංශ වල ශූරතා දිනාගැනීමට ඉන්දීය කී‍්‍රඩක අදිල් කල්යාන්පූර් සහ හොංකොං කී‍්‍රඩිකා ආදිත්‍යා කරුණාරත්න සමත්වූහ. අද (13 වැනිදා) පැවති අවසන් මහ තරග වලදී ශ්‍රී ලංකාවේ ජෙරික් රාජපක්ෂ සහ මේදිරා සමරසිංහ පරාජය කරමින් ඔව්හු එම ශුරතාවන්ට හිමිකම් කීහ.

අවසන් පූර්ව වටයයේ තරග වලදී පෙරේරා පරාජය කරමින් අදිල් කල්යාන්පූර් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ආදිත්‍යා කරුණාරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ජනාලි මනම්පේරි පරජය කරමිනි.

තරගාවලියේ බාලක සහ බාලිකා අංශවල විදෙස් කී‍්‍රඩකයන්ට සිටියේ ඉන්දීය කී‍්‍රඩයකයා සහ හොංකොං කී‍්‍රඩිකාව පමණි.

ඔවුන් දෙදෙනා විසින් තරගාවලියේ ශූරතා දිනාගන්නා ලද්දේ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 48 ක් පිරිසක් පරාජය කරමිනි.
මෙම තරගාවලියට කී‍්‍රඩකයෝ 32 ක් සහ කී‍්‍රඩිකාවෝ 18 ක් ඇතුළත් වූහ.

 

පිරිමි කේවල අවසන් තරගය
අදිල් කල්යාන්පූර් විසින් තරග වට 2 - 0 ක් ලෙස ජෙරික් රාජපක්ෂ පරාජය කරන ලදී. (6/1, 6/0)

කාන්තා කේවල අවසන් තරගය
ආදිත්‍යා කරුණාරත්න විසින් තරග වට 2 - 1 ක් ලෙස මේදිරා සමරසිංහ පරාජය කරන ලදී. (3/6, 6/2, 10/8)

 


අදහස් (0)

අදිල් - ආදිත්‍යා 14න් පහළ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.