Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අනිකා ශ්‍රේණිගත තරගාවලිය ජයගනී

අනිකා ශ්‍රේණිගත තරගාවලිය ජයගනී

ශනුක අරවින්ද - 2015 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ දෙවැනි අදියරේ බාලිකා කේවල තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකා අනිකා සෙනවිරත්න සමත් වූවාය. කැනේඩියානු කී‍්‍රඩක සන්දේශ් කාන්තිමහන්ති එහි බාලක තරගය ජයගත්තේය.

බාලක අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ මනෙල් අල්ගම පරාජය කරමින් සන්දේෂ් කාන්තිමහන්ති එම ශූරතාවට හිමිකම් කී අතර බාලිකා අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩිකා රියා උබොවේජා පරාජය කරමින් අනිකා සෙනවිරත්න එම ශූරතාවට හිමිකම් කීවාය.

බාලක අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ නෙනුක ජයතිලක පරාජය කරමින් සන්දේෂ් කාන්තිමහන්ති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර මනෙල් අල්ගම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ අර්ජුන් ශ්‍රීරාම් පරාජය කරමිනි.

බාලිකා අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ ශෙරෝන් විලියම් පරාජය කරමින් අනිකා සෙනෙවිරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකාවේ සමාධි ජයසිංහ පරාජය කරමින් රියා උබොවේජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

කැනඩාවේ සන්දේශ් කාන්තිමහන්ති සහ ඇමරිකා එක්සත් ජනපදයේ අර්ජුන් ශ්‍රීරාම් දෙවැනි අදියරේ බාලක යුගල ශුරතාව දිනාගත් අතර ඉන්දියාවේ චන්ද්‍රිකා ජෝෂි සහ අර්චිතා මහල්වල් බාලිකා යුගල ශුරතාව දිනාගත්හ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය, ආසියානු ටෙනිස් සම්මේලනය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

තරග ප‍්‍රතිඵල

බාලක කේවල අවසන් මහ තරගය

  • සන්දේශ් කාන්තිමහන්ති (කැනඩාව) විසින් තරග වට 2-0 ක් ලෙස මනෙල් අල්ගම (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/1, 6/2)

බාලිකා කේවල අවසන් මහ තරගය

  • අනිකා සෙනවිරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස රියා උබොවේජා (ඉන්දියාව) පරාජය කරන ලදි. (4/6, 6/1, 6/2)

බාලක යුගළ අවසන් මහ තරගය

  • සන්දේශ් කාන්තිමහන්ති (කැනඩාව) සහ අර්ජුන් ශ්‍රීරාම් (ඇමරිකා එක්සත් ජනපදය) විසින් තරග වට 2-1 ක් ලෙස අරුන් වෙන්කට් (ඕස්ටේ‍්‍රලියාව) සහ වන්දිත් සුරේෂ් (ඉන්දියාව) පරාජය කරනු ලැබූහ. (6/0, 6/0)

බාලිකා යුගළ අවසන් මහ තරගය

  • චන්ද්‍රිකා ජෝෂි සහ අර්චිතා මහල්වල් (ඉන්දියාව) හමුවේ සමාධි ජයසිංහ සහ අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) ට නිතරග ජයක් හිමිවිය.

ඡායාරූපය - ශානුක අරවින්ද

 


අදහස් (0)

අනිකා ශ්‍රේණිගත තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.