Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට

අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මට්ටමේ දැල්පන්දු ක්‍රිඩිකාවන් බහුතරයක් කලකට පසු එක්රැස් වූ අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේදී ප්‍රබල ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වෙළෙද සේවා කණ්ඩායම විසින් දිශුරතාව නාගන්නා ලදි.

 

කුලියාපිටිය ‍‍‘‘ශිල්ප ශාලිකා‘‘ පිටියේ දී ඊයේ (01) නිමාවට පත්වූ මෙම තරගාවලියේ අවසන් මහ තරගයෙන් වෙළෙද සේවා දැල්පන්දු කණ්ඩායම ජය ගත්තේ රාජ්‍ය සේවා දැල්පන්දු කණ්ඩායම ලකුණු 37-32 කට පරාජය කරමිනි‍.

 

එහිදි ලකුණු 8-5, 11-9, 10-6ක් ලෙස මුල්වට තුනේම ජය වෙළෙඳ සේවා ක්‍රිඩිකාවන්ට හිමිවූවත් සිවුවැනි (අවසන්) වටයේ ජය හිමි වුයේ ලකුණු 08-12 පරිදි රාජ්‍ය සේවා කණ්ඩායමටය.වෙළෙඳ සේවා කණ්ඩායමේ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ 2013 පැවැති තරඟවාලියේද ජයග්‍රහණය ඔවුන් සතු වීමයි.

 

කුරුණෑගල කණ්ඩායම ලකුණු 23-14කට පරාජය කළ ජනසතුසේවා කණ්ඩායමටතරඟාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරඟයේ ජය හිමි විය.

 

අවසන් පූර්ව වටයේදී රාජ්‍ය සේවා ක්‍රීඩිකාවන් විසින් ජනසතු සේවා කණ්ඩායමද වෙළඳ සේවා කණ්ඩායම විසින් කුරුණෑගල කණ්ඩායමද පරාජය කරන ලදහ.

 

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය, ක්‍රිඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම තරඟාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ඊයේ පස්වරුවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

 

එම අවස්ථාවට දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර, නියෝජ්‍ය සභාපතිනි යස්මින් ධර්මරත්න යන මහත්මීහු ඇතුළු එහි ප්‍රධානීහූ රැසක්ද සහභාගී වූහ.

 

එහිදී දැල්පන්දු රැජිනිය ලෙස වෙළඳ සේවා කණ්ඩායමේ දර්ශිකා අබේවික්‍රමද, දක්ෂතම පන්දු විදින්නිය ලෙස රාජ්‍ය සේවා කණ්ඩායමේ හසිතා මෙන්ඩිස්ද, දක්ෂතම මැද පෙළ ක්‍රිඩිකාව ලෙස එම පිලේම සමන්ති මෙන්ඩිස්ද, දක්ෂතම පන්දු රකින්නිය ලෙස වෙළඳ සේවා කණ්ඩායමේ ශශිකා සමරසිංහ ද සම්මාන ලැබූහ.

 

වසර දෙකකට පසුව දැල්පන්දු සංගමය තරගාවලිය සංවිධානය කිරීමට සමත් වුවත් ඊට කණ්ඩායම් සහභාගිත්වය අවම මට්ටමක පැවැතිණි.ශ්‍රි ලංකා දැල්පන්දු සංගමයේ දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් ගණන 32ක් වුවත් කුලියාපිටිය තරගාවලියේ සහභාගිත්වය කණ්ඩායම් 12කට සීමා විය.

 

ඊයේ දිනයේම මාතරදී තවත් ප්‍රධාන පෙලේ දැල්පන්දු තරගාවලියක් පැවැත්වීමෙන් ඇතැම් කණ්ඩායම් ඊට සහභාගී වී සිටීමද එම තත්ත්වයට හේතු වු බව දැල්පන්දු ක්‍රීඩා ආරංචිමාර්ග සදහන් කරයි.

 

ජයග්‍රාහී වෙළෙදසේවා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් වන ශෂිකා සමරසිංහ කටයුතු කළාය.

 

 

ඡායාරූප - කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර


අදහස් (0)

අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.