Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අනුරපුර බක්මහ උළෙලේ පාපැදි තරග හෙට

අනුරපුර බක්මහ උළෙලේ පාපැදි තරග හෙට

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අනුරාධපුර මහ නගර සභාවේ පූර්ණ සහයෝගය ඇතිව, අනුරාධපුර ළහිරු ක‍්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සිංහල අලූත් අවුරුදු උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන බක්මහ උළෙලේ පිරිමි සහ කාන්තා පාපැදි තරග හෙට (26) පෙවරුවේ අනුරාධපුර නගරයෙන් ආරම්භ වේ. මෙම පාපැදි සවාරිය විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’ පුවත්පත පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැත්වේ.

පිරිමි තරගයේ ශූරයාට රුපියල් 30,000 ක් ද, දෙවැනි ස්ථානයට රුපියල් 20,000 ක් ද, තෙවැනි ස්ථානයට රුපියල් 10,000 ක් ද, පිරිනැමේ. ඊට අමතරව සිවුවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

කාන්තා තරගයේ ශූරියට රුපියල් 20,000 ක් ද, දෙවැනි ස්ථානයට රුපියල් 10,000 ක් ද, තෙවැනි ස්ථානයට රුපියල් 7,500 ක් ද ප‍්‍රදානය කිරීමට නියමිතය. එහි සිවුවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 3,000 බැගින් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.

කිලෝමීටර 130 කින් සමන්විත පිරිමි පාපැදි තරගයට ක‍්‍රීඩකයන් 60 කට වැඩි සංඛ්‍යාවක් සහභාගිවනු ඇතැයි සංවිධාකයෝ බලාපොරොත්තු වෙති.
එම තරගය අනුරාධපුර මහ නගර සභාව අබියසින්, හෙට පෙරවරු 8.00 ට උතුරු මැද පළාත් මහ ඇමති එස්. එම්. රංජිත් මහතාගේ සංඥාවෙන් ආරම්භ වීමට නියමිතය.

එතැන් සිට නව බස් නැවතුම්පළ, දහයියාගම හන්දිය, පොතානේගම හන්දිය, තලාව, එප්පාවල, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, සාලියපුර හරහා යාපනය හන්දිය හරහා මාර්කට් පෙදෙසට පැමිණ ඔරලෝසු කණුව සහ පොලිසිය පසු කරමින් කඩ පනහ ඔස්සේ ගුවන්තොටුපළ මාර්ගයට පිවිස ළහිරු ක‍්‍රීඩාංගණය අසළින් අවසන් වේ.

කාන්තා පාපැදි තරගය කිලෝමීටර 24 ක දුරකින් යුතුය. එම තරගය පෙරවරු 8.30 ට අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගේ ආරම්භක සංඥාවෙන්  අනුරාධපුර මහ නගර සභාව ඉදිරි පිටින් ආරම්භ වීමට නියමිතය.

කාන්තා තරගය කඩ පනහ, ගුවන්තොටුපළ මාර්ගය, යුද හමුදා කඳවුර මැද මාර්ගය, නෙළුම්කුලම, කවරක්කුලම, කලැත්තෑව, මාතලේ හන්දිය හරහා යාපනය හන්දියට පැමිණ මාර්කට් පෙදෙස, ඔරලෝසු කණුව සහ පොලිසිය පසු කරමින් කඩ පනහ ඔස්සේ ගුවන්තොටුපළ මාර්ගයට පිවිස ළහිරු ක‍්‍රීඩාංගණය අසළින් අවසන් වේ.  

බක්මහ උළෙල අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි ළහිරු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

අනුරපුර බක්මහ උළෙලේ පාපැදි තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.