Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අනුරාධපුර - කෑගල්ල පිරිමි අවසන් තරගයට

අනුරාධපුර - කෑගල්ල පිරිමි අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස්වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි ඉසව්වේ පිරිමි අවසන් මහ තරගය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම සහ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබද්දී, කාන්තා අවසන් මහ තරගය සඳහා ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම සහ මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබාගත්හ.

පිරිමි අවසන් පූර්ව වටයේ තරගවලදී ලකුණු 66-19 ක් ලෙස මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූවේ ලකුණු 28-26 ක් ලෙස ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමිනි.

කාන්තා අවසන් පූර්ව වටයේ තරගවලදී අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව ලකුණු 37-18 ක ජයක් වාර්තා කරමින් ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව ලකුණු 43-16 ක ජයක් වාර්තා කරමින් මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

පිරිමි සහ කාන්තා අවසන් මහ තරග දෙකම සැප්තැම්බර් 29 වැනිදා මාතර කඹුරුගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී පැවැත්වීමට කටයුතු යෙදා තිබේ.

ජාතික තරුණ සේවා සභාව, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන, මෙම ක්‍රීඩා උළෙලේ කබඩි අවසන් පූර්ව තරග පසුගියදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


අදහස් (0)

අනුරාධපුර - කෑගල්ල පිරිමි අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.