Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සිට අම්පාර දක්වා අදියර තුනක් ඔස්සේ කිලෝමීටර් 440ක දුරක් ගෙවා ඊයේ (4) අවසන් වූ 19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු හා දෙවැනි ස්ථාන දෙක එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වන ගුවන් හමුදා ක්‍රීඩක මධුශංඛ ප්‍රනාන්දු හා නාවික හමුදා ක්‍රීඩක දර්ශන ප්‍රසාද් ප්‍රනාන්දු විසින් හිමිකර ගැනීම මෙවර එම පාපැදි තරගයේ සුවිශේෂිතම සිදුවීම විය.
මෙම අයියා මලෝ දෙදෙනා දින තුනක් පුරා අදියර තුනකින් ගෙවා අවසන් වූ මෙම පාපැදි සවාරියේ කිසිදු අදියර තරගයක මුල් පෙළේ ස්ථානයක් නොලබමින්ම සමස්ත තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීම එහිදී වඩාත්ම කැපී පෙනේ. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගත් මධුසංඛ ප්‍රනාන්දු පළපුරුදු ක්‍රීඩකයකු වුවත් ඔහුගේ බාල සොහොයුරු දර්ශන ප්‍රසාද් ප්‍රනාන්දු නවකයකු ලෙස මෙවර තරගයේ දෙවැනි ස්ථානයට පත්වීම කැපී පෙනෙන බව තරග විනිසුරු මඬුල්ලේ සාමාජික උපුල් චන්දන ප්‍රියනාත් මහතා පවසයි.
තත්ත්පර හතක වෙනසකින් තරගයේ ජයග්‍රහණය අයියා මලෝ දෙදෙනා අතර දෝලනය වී අවසානයේ වැඩිමල් සොහොයුරු මධුසංඛ ප්‍රනාන්දු තරගයේ ජයග්‍රාහකයා ලෙස නම් කෙරුණි.
පසුගිය තරගයේ (2017) ජයග්‍රාහකයා වූ අවිෂ්ක මැඩොන්සා මෙවර තරගයේ පසුබෑමකට ලක්වූ අතර ඔහුට මෙවර සමස්ත තරගයේ අත්වූයේ 36 වැනි ස්ථානයයි. සාෆ් රන් පදක්කම්ලාභී ප්‍රවීණතම පාපැදි ක්‍රීඩකයකු වන ජීවන් ජයසිංහ කොළඹ සිට පුත්තලම කරා පැමිණෙමින් තිබූ තරගයේ පළමු අදියර තරගය අතරමගදී ඉවත් විය. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියට තරගකරුවන් 164 දෙනකු ඉදිරිපත් වූ අතර ඉන් 100 දෙනෙක් ඊයේ අම්පාර නගරයෙන් නිමාවට පත්වූ තරගයේ අවසන් අදියර අවසානය කරා පැමිධෑමට සමත් වූහ.
19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ තරග ප්‍රතිඵල
● තෙවැනි (අවසන්) අදියර (පොළොන්නරුව සිට අම්පාර දක්වා කිලෝ මීටර් 150) තරග ප්‍රතිඵලය
1. සමන්ත ලක්මාල් (ගුවන් හමුදාව - පැය 3 විනාඩි 36 තත්පර 05)
2. චරිත් ප්‍රනාන්දු (යුද හමුදාව - 3.36.05)
3. සජිත් හසන්ත (වරාය අධිකාරිය - 3.36.05)
4. සඳරුවන් පින්තූ (යුද හමුදාව - 3.36.05)
5. තරිඳු සඳරුවන් (යුද හමුදාව - 3.20.08)
6. ඉසුරු සඳරුවන් (වරාය අධිකාරිය - 3.36.13)
7. උදය කුමාර (ලීමාෆ්‍රෝ - 3.36.17)
8. මධුශංඛ ප්‍රනාන්දු (ගුවන් හමුදාව - 3.36.18)
9. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව - 3.36.19)
10. ලක්‍ෂ්මන් විජේරත්න (යුද හමුදාව - 3.36.21)
● සමස්ත තරගයේ (කිලෝමීටර 440) ප්‍රතිඵලය:
1. මධුශංඛ ප්‍රනාන්දු (ගුවන් හමුදාව - පැය 10 විනාඩි 45 තත්පර 08)
2. දර්ශන ප්‍රසාද් ප්‍රනාන්දු (නාවික හමුදාව - 10.45.15)
3. නිෂාන්ත පෙරේරා (දෙහිවල - ගල්කිස්ස - 10.45.16)
4. ප්‍රියන්ත විජේසිංහ (දෙහිවල - ගල්කිස්ස - 10.46.04)
5. සුධීර නිලංග (පොලිස් - 10.46.04)
6. ලක්‍ෂ්මන් විජේරත්න (යුද හමුදාව - 10.46.27)
7. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව - 10.46.31)
8. නිහාල් සිල්වා (නාවික හමුදාව - 10.46.36)
9. ජනක හේමන්ත කුමාර (නාවික හමුදාව - 10.47.03)
10 තරිඳු සඳරුවන් (යුද හමුදාව - 10.47.11)
● සමස්ත තරගයේ වයස 23න් පහළ හොඳම ක්‍රීඩකයා:-
තරිඳු සඳරුවන් (යුද හමුදාව)
● සමස්ත තරගයේ වේගවත්ම (ස්ප්‍රින්ට්) ක්‍රීඩකයා:-
සජිත් හසන්ත (වරාය අධිකාරිය)
● සමස්ත තරගයේ හොඳම කණ්ඩායම:-
ගුවන් හමුදා කණ්ඩායම (මධුශංක ප්‍රනාන්දු, බුද්ධික වර්ණකුලසූරිය, රුවන් නවරත්න)
● සමස්ත තරගයේ අනුශූරතාලාභී කණ්ඩායම
(නාවික හමුදා කණ්ඩායම:- ජනක හේමන්ත කුමාර, නිහාල් සිල්වා, දර්ශන ප්‍රසාද්)
● කාන්තා තරගයේ ප්‍රතිඵල (මඩකළපුව සිට අම්පාර දක්වා කිලෝ මීටර් 65)
1. නිලුකා ශ්‍යාමලී (සිවිල් ආරක්ෂක සේවා - පැය 2 විනාඩි5 තත්ත්පර 38),
2. නිරෝෂා පෙරේරා (ගුවන් හමුදාව 2.5.38),
3. සන්ධ්‍යා කුමාරි (සිවිල් ආරක්ෂක සේවා 2.5.38)
මධුශංඛ ප්‍රනාන්දු - ගුවන් හමුදාව |
නිලුකා ශ්‍යාමලී - සිවිල් ආරක්ෂක සේවා |
ගුවන් හමුදා පිරිමි කණ්ඩායම |
ගුවන් හමුදා කාන්තා කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.