Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට අවින්ද්‍ර පෙරේරා අද (12 වැනිදා) සමත් විය.
බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස ආඩවන් පුෂ්පරාජ් පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා මෙවර තරගාවලියේ ජාතික කණිෂ්ට ශූරතාවට හිමිකම් කීවේය. කනිිෂ්ඨ ටෙනිස් (බාලක) ශ්‍රේණිගත කිරීම් අනුව අවින්ද්‍ර පෙරේරා නමවැනි ස්ථානයේ පසුවන අතර ආඩවන් පුෂ්පරාජ් එහි 22 වැනි ස්ථානයේ සිටී.
අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජය ගැනීමට ආඩවන් පුෂ්පරාජ් සමත් වුවත් ලකුණු 6/4 ක් සහ 6/0 ක් ලෙස දෙවැනි සහ තෙවැනි වට ජයගත් අවින්ද්‍ර පෙරේරා, වට 2-1 ක් ලෙස සමස්ථ තරගයේ ජය තමන් සතු කරගත්තේය.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස චේන් ප‍්‍රනාන්දු පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ආඩවන් පුෂ්පරාජ් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස සවිත් වීරසිංහ පරාජය කරමිනි.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බී. සුරේන් පරාජය කිරීමට අවින්ද්‍ර පෙරේරා සමත් වූ අතර කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අනීෂ් විජේසිංහ පරාජය කිරීමට ආඩවන් පුෂ්පරාජ් සමත් විය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරයි. තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
වයස 18 පහළ බාලක අවසන් මහ තරග
වයස 18 පහළ බාලක අවසන් පූර්ව වටය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.