Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 16 න් පහළ බාලක කේවල ශූරතාව දිනා ගැනීමට ආඩවන් පුෂ්පරාජ් අද (16 වැනිදා) සමත් විය.
අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස අවින්ද්‍ර පෙරේරා පරාජය කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය. එහි ලකුණු තත්ත්වය කියැවුණේ ලකුණු 6/3 ක් සහ 7/5 ක් ලෙසිනි.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස නුවන්ත දිසානායක පරාජය කරමින් ආඩවන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අවින්ද්‍ර පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-1 ක් ලෙස සවිත් වීරසිංහ පරාජය කරමිනි.
මේ අතර වයස 18 පහළ බාලක කේවල අවසන් මහ තරගය සඳහා ද මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම සුදුසුකම් ලබාගත් අතර එහිදී තරග වට 2-1 ක් ලෙස ආඩවන් පුෂ්පරාජ් පරාජය කිරීමට අවින්ද්‍ර පෙරේරා සමත් විය. එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වුණේ 4/6 ක්, 6/4 ක් සහ 6/0 ක් ලෙසිනි.
අද පෙරෙවරුවේ පැවැති වයස 14 න් පහළ බාලිකා අවසන් මහ තරගයයේදී තරග වට 2-0 ක් ලෙස ප‍්‍රබුද්ධි පෙරේරා පරාජය කිරීමට අනිකා සෙනෙවිරත්න සමත් වූවාය. අනිකා සෙනෙවිරත්න මෙවර තරගාවලියේ වයස 16 න් පහළ බාලිකා අනු ශූරතාව දිනාගත් කී‍්‍රඩිකාවද වන්නීය.
වයස 10 න් පහළ කේවල බාලක අවසන් මහ තරගය ජය ගැනීමට වෙනුක කිත්නුල සමත් වූ අතර වයස 10 න් පහළ කේවල බාලිකා අවසන් මහ තරගය ජය ගැනීමට දිනෙත්යා ධර්මරත්න සමත් වූවාය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
වයස 16 පහළ බාලක අවසන් මහ තරගය
වයස 16 පහළ බාලක අවසන් පූර්ව වටය
වයස 14 පහළ බාලිකා අවසන් මහ තරගය
වයස 10 පහළ බාලක අවසන් මහ තරගය
වයස 10 පහළ බාලිකා අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.