Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 18 න් පහළ (බාලිකා) ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 205 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ආදිත්‍යා කරුණාරත්න සමත් වී ඇත. මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක කනිෂ්ඨ ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානය මෙය වේ.
තවමත් 15 වැනි වියේ පසුවන ආදිත්‍යා, මේ වන විට පූර්ණ කාලීනව ස්පාඤ්ඤයේ පුහුණුවීම් වල නිරත වන අතර මේ දින වලදී ඇය අන්තර් ජාතික ටෙනිස් සම්මේලනය මගින් සංවිධානය කරන යුරෝපීය වයස 18 න් පහළ ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වන්නීය.
ඉකුත් දෙසැම්බර් මාසයේදී 15 වැනි වියට පා තැබීමට පෙර අන්තර් ජාතික ටෙනිස් සම්මේලනය මගින් සංවිධානය කරන ලද තරගාවලි 6 කම ශූරතා දිනාගැනීමට ඇය සමත්ව සිටියාය.
වයස අවුරුදු 13 සම්පූර්ණ වූ අවදියේදීම ලෝක කනිෂ්ඨ ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වූ ආදිත්‍යා මේ වසරේදී සිය පළමු විවෘත ශ්‍රේණිගත කිරීමේ කාන්තා ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වීමට සූදානමින් සිටින්නීය. අදියර 3 කින් සමන්විත එම තරගාවලිය එළබෙන ඔක්තෝබර් මාස 2 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ආදිත්‍යා පළමු වරට ශ්‍රී ලංකාවේදී වයස 18 න් පහළ (බාලිකා) ශූරතාව දිනාගත්තේ 2015 වසරේදීය. ඒ වන විට ඇය 13 වැනි වියේ පසුවූවාය.
ඉන් අනතුරුව මේ දක්වා ඇය අත්කර ගෙන ඇති ජයග්‍රහණ අතර කොරියාවේ පැවැති තරගාවලියකදී ඕස්ටේ්‍රලියානු වයස 16 න් පහළ අංක එකේ ක්‍රීඩිකාව මෙන්ම ලෝක කනිෂ්ඨ ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩිකාව වන බායිජිං ලින් හමුවේ ලබාගත් ජයග්‍රහණය කැපී පෙනෙයි.
ශලිනි ද සිල්වා මහත්මිය මෙරටදී ආදිත්‍යාගේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ අතර පසුව ඇය හොං කොංහි බෙනී ලින් සහ භගත් සිං යන පුහුණුකරුවන් යටතේ පුහුණුවීම් වල නිරත වූවාය. මේ වන විට ආදිත්‍යා ස්පාඤ්ඤයේ නමගිය පුහුණුකරුවන් වන ජෝන් බැල්සෙල්ස් සහ ඬේවිඞ් ඔලෙස් යටතේ පුහුණුවීම් වල නිරත වන්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.