Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු පාසල් චෙස් තරග 31 දා සිට

ආසියානු පාසල් චෙස් තරග 31 දා සිට

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නම වැනි ආසියානු පාසල් චෙස් තරගාවලිය අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා හික්කඩුව සිට්ට‍්‍රස් හෝටලයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා චෙස් සංගමය කටයුතු සංවිධානය කර තිබේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදෙන්නේ 5 වැනි වරටයි.

මෙවර තරගාවලිය, රැපිඞ් (එක් තරග කරුවකුට තරගය නිමා කිරීම සඳහා විනාඩි 25 ක කාලයක් හිමිවන තරගාවලියකි), ස්ටෑන්ඩඞ් (සාමාන්‍ය චෙස් තරගාවලිය) සහ බ්ලිට්ස් (එක් තරග කරුවකුට තරගය නිමා කිරීම සඳහා විනාඩි 5 ක කාලයක් හිමිවන තරගාවලියකි) ලෙස අදියර 3 කින් පැවැත්වේ.

ශ්‍රී ලංකාවට අමතරව මෙම තරගාවලියට සහභාගී වන රටවල් සංඛ්‍යාව 15 කි.  ඕස්ටේ‍්‍රලියාව, බංගලාදේශය, චීන තායිපේ, හොං කොං, ඉන්දියාව, ඉරානය, කසකස්තානය, කජිකිස්තානය, මාලදිවයින, මලයාසියාව, මොංගෝලියාව, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය, යේමනය යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙති.

තරගාවලිය සඳහා විදෙස් රටවලින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගීවීමට නියමිත අතර ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගී කිරීමට බලාපොරොත්තු වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 200 කට ආසන්න වේ.

මෙම තරගාවලිය පසුගිය වසරේදී ඉන්දියාවේ පැවති අතර ලබන වසරේදී එහි සත්කාරකත්වය හිමිවී තිබෙන්නේ චීන තායිපේ දේශයටයි.

 


අදහස් (0)

ආසියානු පාසල් චෙස් තරග 31 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.