Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක ක‍්‍රීඩිකාවක්ද ඇතුළත් කර ගැනීමට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයට අනුමැතිය දුන් බව වාර්තා වේ. ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම හෙට (10 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
කී‍්‍රඩා ඇමතිවරයාගේ තීරණයත් සමග ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් ගණන 13 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අතිරේක ක‍්‍රීඩිකාව වන තිසුරි විජේසුන්දර 13 වැනි ක‍්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
දැල්පන්දු තේරීම් කමිටු සභාපතිනිය වන චන්ද්‍රානි පතිරාජ මහත්මිය පැවසුවේ තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කී‍්‍රඩිකාවන් 12 දෙනාට අමතරව තවත් කී‍්‍රඩිකාවන් තිදෙනකු අතිරේක කී‍්‍රඩිකාවන් ලෙස තෝරා ගනු ලැබ ඇති බවත් තෝරා ගන්නා තිසුරි විජේසුන්දර එම කී‍්‍රඩිකාවන් තිදෙනාගෙන් අයකු බවත්ය.
ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිවලදී කණ්ඩායමකට නිල වශයෙන් ඇතුළත් වන උපරිම ක‍්‍රීඩිකාවන් ගණන 12 දෙනෙකි.
වසර 1997 සිංගප්පූරුවේ පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කිරීමේදී මීට පෙර මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබේ.
එවර ආබාධ තත්ත්වයෙන් පසුවූ ගයාත‍්‍රි ලංකාතිලක ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර වජිරා පුෂ්පකුමාරි ආදේශ ක‍්‍රීඩිකාවක් ලෙස එම තරග සංචාරයට එක්වූවාය.
තිසුරි විජේසුන්දර තරග සංචාරයට එක් කිරීමත් සමග ඉතිරිව සිටින සෙසු අතිරේක ක‍්‍රීඩිකාවන් ද තමන්ට හොංකොං තරග සංචාරයට අවස්ථාවක් ලබාදෙන ලෙස බලධාරිනියන්ගෙන් ඉල්ලා ඇතැයි ද දැල්පන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.
ආසියානු දැල්පන්දු (කනිෂ්ඨ) ශූරතාවලිය මෙම 14 වැනිදා සිට 20 වැනිදා දක්වා හොංකොං රාජ්‍යයේදී පැවැත්වේ. වසර 2002 න් පසුව එය දිනාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී සිටියි.
ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග නිල ඡායාරූපයකට පෙනී සිටි අයුරු... ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර සහ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර සහ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනි තමාරා ලියනගේ යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.