Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු බිලියඩ් සම්මේලනය, ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සංගමය සමග එක්ව සංවිධානය කරන 15 වැනි ආසියානු බිලියඞ් ශූරතාවලිය සහ 17 වැනි වරට පවත්වන වයස 21 න් පහළ ආසියානු ස්නූකර් ශූරතාවලිය අද (2 වැනිදා) සිට 8 වැනිදා දක්වා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වේ.
මේ සඳහා රටවල් 12 ක් නියෝජනය කරමින් බිලියඞ් කී‍්‍රඩකයෝ 23 දෙනෙක්ද, ස්නූකර් ශූරතාවලිය සඳහා කී‍්‍රඩකයෝ 32 දෙනෙක්ද සහභාගි වෙති. එක් තරගාවලියකට කී‍්‍රඩකයන් 8 දෙනා බැගින් තරගාවලි දෙකට සහභාගිවන දේශීය කී‍්‍රඩකයන් ගණන 16 කි.
බිලියඞ් ලෝක ශූරතා දිනා ඇති ඉන්දියාවේ පංකජ් අද්වානි සහ සිංගප්පූරුවේ පීටර් ගිල්කි‍්‍රස්ට් මෙම තරගාවලියට සහභාගිවන ප‍්‍රධානතම කී‍්‍රඩකයන් දෙදෙනාය.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ජාතික බිලියඞ් ශූර කේ. එච්. සිරිසෝම කටයුතු කරයි. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සව 8 වැනිදා පස්වරු 1.00 සිට කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප‍්‍රදානත්වයෙන් සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.