Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා ඇමැතිවරයා අවසන් අනුමැතිය දුන් ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම අවලංගු කරමින් එහි යළිත් තේරීම් පරීක්ෂණයක් අද (28) පෙරවරු 9.00ට කැඳවා ඇතැයි වාර්තා වේ. එම තේරීම් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ගෘහස්ථ පිටියේදීය.
කෙසේ වුවත් මෙම තීරණයෙන් එළඹෙන ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා නම්කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් බහුතරයක් මෙන්ම ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකාවන් ද කනස්සල්ලට පත්ව සිටින බව දැල්පන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.
අන්තර්ජාතික තරගාවලියක් සඳහා කී‍්‍රඩා ඇමැතිවරයා විසින් අනුමත කරන ලද ජාතික කණ්ඩායමක් නැවත වෙනස් කිරීම දුර්ලභ සිදුවීමකි.
ආසියානු දැල්පන්දු ශූරතාවලිය ලබන දෙසැම්බර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා හොංකොං රාජ්‍යයේදී පැවැත්වේ. ඒ සඳහා කී‍්‍රඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට කී‍්‍රඩා ඇමැති අනුමැතිය හිමිවීමෙන් පසුව පසුගිය 15 වැනිදා ප‍්‍රකාශයට පත්කෙරිණ. මෙම කණ්ඩායමේ නායිකාව ලෙස ගයානි දිසානායකත් උප නායිකාව ලෙස තිසාලා අල්ගමත් නම්කර තිබුණි.
කෙසේ වුවත් අද කැඳවා තිබෙන තේරීම් පරීක්ෂණය සම්බන්ධයෙන් ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරිනියන් විරෝධය පළකර තිබෙන බවද දැල්පන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකා තිසාලා අල්ගම සහ ඇතැම් කී‍්‍රඩිකාවන් මේ වනවිට ආබාධ තත්ත්වයන්ට ලක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායම නැවත තේරීමට හේතුවී තිබෙන බවයි.
කී‍්‍රඩිකාවන් තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබරතාවය මේ වනවිට බිඳවැටී තිබෙන බවත් නැවත කැඳවනු ලබන ජාතික සංචිතයේ ක‍්‍රීඩිකාවන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන බවත් වාර්තාවේ. අතිරේක ක‍්‍රීඩිකාවන් තිදෙනාගෙන් එක් අයකුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩ කඩක් විවරවී තිබෙන බවද දැනගන්නට තිබේ.
මෙවර ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට නම්කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට යුද හමුදාවේ ක‍්‍රීඩිකාවන් තිදෙනෙකුම ඇතුළත්ව සිටීම කැපීපෙනේ. ඒ අතර නාවික හමුදාවේ ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් හා පාසල් කී‍්‍රඩිකාවෝ දෙදෙනෙක්ද සිටියහ.
ආසියානු කනිෂ්ඨ කුසලාන දැල්පන්දු ශූරතාවලිය වසර 2002 න් පසු ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැත. එම පස් වතාවේදීම ශ්‍රී ලංකාව අනුශූරතාව ලැබීය.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.