Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඇල්කසබා නිදහස් කුසලාන දිනාගෙන එයි

ඇල්කසබා නිදහස් කුසලාන දිනාගෙන එයි

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ මේ වසරේදී පැවැති පළමු තුරඟ තරගාවලියේ ප්‍රධානතම තරගය වූ නිදහස් දින කුසලාන තරගය ජයගැනීමට එල්. දයාලන් විසින් මෙහෙයවන ලද ඇල්කසබා අශ්වයා සමත් විය. මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගය ජයගැනීම වෙනුවෙන් ‘ඇල්කසබා’ගේ හිමිකාරිය  වූ දීප්තිකා ජයකොඩි මෙනවියට නිදහස් දින කුසලාන සමගින් රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.

ඇල්කසබා අසු, අසරුවා, පුහුණුකරු සහ
හිමිකාරිණිය සමග...

අනුර දෙල්ගොඩ මහතා හිමිකාරීත්වය දරණ ‘චුල් බුල් පාණ්ඬේ’ එම තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර දීප්තිකා ජයකොඩි මෙනවිය හිමිකාරීත්වය දරණ ‘සිල්වර් ස්ටී්‍රක්’ එහි තෙවැනි ස්ථානයට පත්විය.

‘චුල්බුල් පාණ්ඬේගේ’ අසරුවා ලෙස අශෝක් කුමාර්ද, ‘සිල්වර් ස්ටී්‍රක්ගේ’ අසරුවා ලෙස කේ. සංජීවන්ද කටයුතු කළහ.

තරගාවලියේ වඩාත්ම තියුණු තරගය බවට පත් වූ රණවිරු අභියෝග කුසලාන තරගය (මීටර් 1400) ජය ගැනීමට ඒ. විෂ්වනාත් විසින් මෙහෙයවන ලද ‘සෙලෙස්ටියල් ෆයර්’ සමත් වූ අතර කරට කර අවසානයකින් අනතුරුව එහි දෙවැනි ස්ථානය එල්. දයාලන් විසින් මෙහෙයවන ලද ‘ස්පියර්හෙඞ්ට’ හිමි විය.

තුරඟුන් වැඩිම සංඛ්‍යාවක් (9 ක්) තරග සහභාගි වූ සන්ඬේ ටයිම්ස් කුසලාන තරගය ජයගැනීමට එස්. ප්‍රදීප් විසින් මෙහෙයවන ලද ‘හොනරස්’ සමත් වූයේ එස්. සුගනාදන් විසින් මෙහෙයවන ලද ‘ක්‍රිම්සන් ක්වෙස්ට්’ සහ ඒ. විශ්වනාත් විසින් මෙහෙයවන ලද ‘ස්ට්‍රෝම් පෙට්‍රල්’ පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමිනි.

තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, අනුර දෙල්ගොඩ, ගාමිණී ජයරත්න, චමරි ජයරත්න, හසංග ජයරත්න, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ජේම්ස් මැතිව්ස්, අණුක සූසා, එම්. සුදාගර්, නවීන් මාධව බණ්ඩාර, එස්. ලෝගනාදන්, හසීබ් මොහොමඞ්, එස්. වී. මදියලගන් යන මහත්ම මහත්මීන් හිමිකාරීත්වය දරණ අශ්වයෝ 37 ක් තරග කළහ.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. බී. දිගම්බරම් මහතා සහභාගි වූ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ හිටපු නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්වරුද විශේෂ ආරාධිතයෝ ලෙස ඊට එක් වූහ.

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. රාජකීය තුරඟ තරග සමාජය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරයි.

තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.

 

තරග ප්‍රතිඵල


බ්ලැක්පූල් හොටෙල් කුසලාන (මීටර් 1400)

1 කැප්ටන් හැඩොක් - කේ. සංජීවන් - දීප්තිකා ජයකොඩි මෙනවිය
2 ඇරබියන් ගෝල්ඞ් - එම්. මෝහන්රාජ් - රියෙන්සි එඞ්වඞ් මහතා සහ පූර්ණි එඞ්වඞ් මහත්මිය
3 ග්ලිටරිං - එස්. ඩී. මහේෂ් - දීප්තිකා ජයකොඩි මෙනවිය


ඬේලි එෆ්ටී කුසලාන (මීටර් 1070)

1 ටොර්පෙඩෝ - ඒ. විෂ්වනාත් - අනුර දෙල්ගොඩ මහතා
2 ඩොන් හසා - සදාම් හුසේන් - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
3 සුප්‍රීම් - එල්. දයාලන් - දීප්තිකා ජයකොඩි මෙනවිය


රණවිරු අභියෝග කුසලාන (මීටර් 1400)

1 සෙලෙස්ටියල් ෆයර් - ඒ. විෂ්වනාත් - අනුර දෙල්ගොඩ මහතා
2 ස්පියර්හෙඞ් - එල්. දයාලන් - රියෙන්සි එඞ්වඞ් මහතා සහ පූර්ණි එඞ්වඞ් මහත්මිය
3 අයිස්ලෑන්ඩික් - එස්. සුගනාතන් - හසංග ජයරත්න මහතා


නිදහස් දින කුසලාන (මීටර් 1400)

1 ඇල්කසබා - එල්. දයාලන් - දීප්තිකා ජයකොඩි මෙනවිය
2 චුල් බුල් පාණ්ඬේ - අශෝක් කුමාර් - අනුර දෙල්ගොඩ මහතා
3 සිල්වර් ස්ටී්‍රක් - කේ. සංජීවන් - දීප්තිකා ජයකොඩි මෙනවිය


සන්ඬේ ටයිමිස් කුසලාන (මීටර් 1070)

1 හොනරස් - එස්. ප්‍රදීප් - ෆියර්ලස් අශ්වගාල  
2 ක්‍රිම්සන් ක්වෙස්ට් - එස්. සුගනාතන් - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
3 ස්ට්‍රෝමි පෙට්‍රල් - ඒ. විශ්වනාත් - අංජලී අශ්වගාල


නිදහස් කුසලාන (1000)

1 ෆැන්සි ෆේස් - එම්. ඉෂාන් - නවීන් මාධව බණ්ඩාර මහතා
2 මිස්ටි ක්වීන් - එම්. මෝහන්රාජ් - එස්. වී. මදියලගන් මහතා
3 ඇක්ෂන් ලේඩි - එස්. ප්‍රදීප් - එම්. සුදාගර් මහතා

 
බ්‍රිටිෂ් සිලෝන් කුසලාන (1000)

1 ක්වීන් ඔෆ් ද හිල් - එම්. ඉෂාන් - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ මහතා
2 එයාර්බෝන් II - එස්. දසදරන් - හසංග ජයරත්න මහතා
3 කාර්බ්‍රීස් - කේ. සංජීවන් - දීප්තිකා ජයකොඩි මෙනවිය

 

බ්ලැක්පූල් හොටෙල් කුසලාන දිනාගත් කැප්ටන් හැඩොක් අශ්වයාගේ හිමිකාරිය වන දීප්තිකා ජයකොඩි මෙනවිය කුසලාන ලබාගනිමින් ...

ඬේලි එෆ්ටී කුසලාන දිනාගත්  ටොර්පෙඩෝ අශ්වයාගේ හිමිකරු වන අනුර දෙල්ගොඩ මහතා කුසලාන ලබාගනිමින් ...

රණවිරු අභියෝග කුසලාන දිනාගත් සෙලෙස්ටියල් ෆයර් අශ්වයාගේ හිමිකරු වන අනුර දෙල්ගොඩ මහතා කුසලාන ලබාගනිමින් ...

නිදහස් දින කුසලාන දිනාගත් ඇල්කසබා අශ්වයාගේ හිමිකාරිය වන දීප්තිකා ජයකොඩි මෙනවිය කුසලාන ලබාගනිමින් ...

සන්ඬේ ටයිමිස් කුසලාන දිනාගත් හොනරස් අශ්වයා අයත් වන ෆියර්ලස් අශ්වගාලේ හිමිකරු කුසලාන ලබාගනිමින් ... 

නිදහස් කුසලාන දිනාගත් ෆැන්සි ෆේස් අශ්වයාගේ හිමිකරු වන නවීන් මාධව බණ්ඩාර මහතා කුසලාන ලබාගනිමින් ...

බ්‍රිටිෂ් සිලෝන් කුසලාන දිනාගත් ක්වීන් ඔෆ් ද හිල් අශ්වයාගේ හිමිකරු වන ආර්. එම්. සී. කේ. රාජපක්ෂ මහතා කුසලාන ලබාගනිමින් ...

 

නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

ඇල්කසබා නිදහස් කුසලාන දිනාගෙන එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.