Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඇල්කසබා සෙල්වරත්නම් අභියෝග කුසලාන දිනයි

ඇල්කසබා සෙල්වරත්නම් අභියෝග කුසලාන දිනයි

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ දෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘සෙල්වරත්නම් අභියෝග කුසලාන’ තරගය ජයගැනීමට ඇල්කසබා අශ්වයා මෙහෙයවූ අනීල් කොල්තූර් සමත් විය. මෙම අසුගේ හිමිකාරිනිය වන්නේ දීප්තිකා ජයකොඩි මෙනවියයි.

මීටර් 1600 ක දුරකින් සමන්විත වූ එම තරගය ජයගැනීම වෙනුවෙන් ඇල්කසබා අශ්වයාගේ හිමිකාරිණිය වූ දීප්තිකා ජයකොඩි මෙනවියට සෙල්වරත්නම් අභියෝග කුසලාන සමගින් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවිය.

වර්ෂාව මැද පැවැති සෙල්වරත්නම් අභියෝග කුසලාන තරගයේ මීටර් 1400 ක් පමණ නිමා වන තෙක් පෙරමුණ ගැනීමට ජේම්ස් මැතිව් මහතාගේ චාර්ලමේන් අසු මෙහෙයවූ ඒ. විෂ්වනාත් සමත් විය. කෙසේ වුවත් අවසන් මීටර 200 දී ඔහු පසුකර ගිය අසරු අනීල් කොල්තූර් තරගයේ ජය තමන් සතුකර ගත්තේය.

තරගාවලියේ වඩාත් තියුණු තරගය බවට පත් වූ ඬේලි මිරර් කුසලාන තරගය (මීටර් 1070) ජය ගැනීමට ක්‍රිම්සන් ක්විස්ට් අශ්වයා මෙහෙයවූ එස්. සුගන්තන් සමත් විය. ජයග්‍රාහී සීමාව ආසන්නයේදී ටෝපිඩෝ අශ්වයා මෙහෙයවූ ඒ. විෂ්වනාත් (දෙවැනියා) සහ විගරස් අශ්වයා මෙහෙයවූ රවී කුමාර් (තෙවැනියා) පසුපසට ඇද දමමින් එස්. සුගන්තන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේය.

එයාර්බෝන් ෂෂ අශ්වයා මෙහෙයවූ එස්. දසරාදන් සමග කළ ද්වන්ද සටනකට අනතුරුව ‘ක්වීන් ඔෆ් ද හිල්’ අශ්වයා මෙහෙයවූ එම්. ඉෂාන් නුවර එළිය උත්සව සමය කුසලාන (මීටර් 1000) තරගය ජය ගත්තේය.

‘කිංස්ටන් ටවුන්’ අශ්වයා මෙහෙයවූ ඉම්රාන් ඛාන් ජනමාධ්‍ය අමාත්‍යංශ අභියෝග කුසලාන (මීටර් 1600) තරගය ජයගත්තේ තවත් තියුණු තරගයකින් අනතුරුව ‘සෙලෙස්ටියල් ෆයර්’ අසු මෙහෙයවූ ඒ. විෂ්වනාත් පසුකර යමිනි.

මෙම තරගාවලියේදී තරග 7 ක් පැවැත්වීමට නියමිතව තිබුණද තරගාවලිය අතරතුර ඇද හැළුණ දැඩි වර්ෂාව හේතුවෙන් අවසන් තරග තුනම අත්හැර දැමීමට සංවිධායකයෝ පියවර ගත්හ. බ්ලැක්පූල් හෝටල් කුසලාන, එච්. එන්. බී. ග්‍රාමීන් ෆයිනෑන්ස් කුසලාන සහ පෝනි සුභසාධන ලොතරැයි කුසලාන යන තරග අත්හැර දමන ලද තරග විය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියට සහභාගි වූ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්වරු සෙසු ආරාධිතයන් ලෙස ඊට එක්ව සිටියහ.

මෙම තරගාවලිය නුවරඑළිය තුරඟ තරග පිටියේදී අද (2 වැනිදා) පැවැත්විණ.

තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.


තරග ප්‍රතිඵල

නුවර එළිය උත්සව සමය කුසලාන (මීටර් 1000) තරගය

1 ක්වීන් ඔෆ් ද හිල් (එම්. ඉෂාන්) - ආර්. එම්. සී. කේ. රාජපක්ෂ මහතා
2 එයාර්බෝන් II (එස්. දසරාදන්) - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
3 කාබීරස් (කේ. සංජීවන්) - දීප්තිකා ජයකොඩි මෙනවිය

නුවර එළිය උත්සව සමය කුසලාන (මීටර් 1000) තරගය ජයගත් ක්වීන් ඔෆ් ද හිල් අශ්වයාගේ අසරුවා වන එම්. ඉෂාන් සහ හිමිකරු වන ආර්. එම්. සී. කේ. රාජපක්ෂ මහතා කුසලාන ලබාගත් අයුරු...

 


ඬේලි මිර්ර කුසලාන (මීටර් 1070) තරගය

1 ක්‍රිම්සන් ක්විස්ට් (එස්. සුගන්තන්) - ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය
2 ට්‍රොපිඩෝ (ඒ. විෂ්වනාත්) - අනුර දෙල්ගොඩ මහතා
3 විගරස්  (රවී කුමාර්) - අනුර දෙල්ගොඩ මහතා

ඬේලි මිර්ර කුසලාන (මීටර් 1070) තරගය ජයගත් ක්‍රිම්සන් ක්විස්ට් අශ්වයාගේ අසරුවා වන එස්. සුගන්තන් සහ හිමිකරුවන් වන ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය කුසලාන ලබාගත් අයුරු...

 


ජනමාධ්‍ය අමාත්‍යංශ අභියෝග කුසලාන (මීටර් 1600) තරගය

1 කිංස්ටන් ටවුන් (ඉම්රාන් ඛාන්) - හසංග ජයරත්න මහතා  
2 සෙලෙස්ටියල් ෆයර් (ඒ. විෂ්වනාත්) - අනුර දෙල්ගොඩ මහතා
3 ස්පියර් හෙඩ් (අනීල) - රියෙන්සි එඞ්වඞ් මහතා සහ පූර්ණි එඩ්වඩ් මහත්මිය

ජනමාධ්‍ය අමාත්‍යංශ අභියෝග කුසලාන (මීටර් 1600) තරගය ජයගත් කිංස්ටන් ටවුන් අශ්වයාගේ අසරුවා වන ඉම්රාන් ඛාන් සහ හිමිකරු හසංග ජයරත්න මහතා කුසලාන ලබාගත් අයුරු...

 


සෙල්වරත්නම් අභියෝග කුසලාන (මීටර් 1600) තරගය

1 ඇල්කසබා (අනීල් කොල්තූර්) දීප්තිකා ජයකොඩි මෙනවිය
2 චාර්ලමේන් (ඒ. විෂ්වනාත්) ජේම්ස් මැතිව් මහතා
3 මෙහෙරාන් (ඉම්රාන් ඛාන්) ගාමිණී ජයරත්න මහතා සහ චමරි ජයරත්න මහත්මිය

චාවේස් සෙල්වරත්නම් මහතා විසින් දීප්තිකා ජයකොඩි මෙනවියට සෙල්වරත්නම් අභියෝග කුසලාන පිරිනැමූ අයුරු... ඇල්කසබා අශ්වයාගේ අසරුවා වන අනීල් කොල්තූර් සහ පුහුණුකරුවා වන එස්. පී. ඒ. රාජු, ගයන්ත කරුණාතිලක, නවීන් දිසානායක, පණ්ඩුක කීර්තිනන්ද, රියෙන්සි එඞ්වඞ් සහ රන්ජන් කනගසබෙයි යන මහත්වරුද ඡායාරූපයේ සිටිති. 

 

‘සෙල්වරත්නම් අභියෝග කුසලාන’ තුරඟ තරගාවලියේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

ඇල්කසබා සෙල්වරත්නම් අභියෝග කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.