Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner උදයකුමාර - පුෂ්පරාණි සුපිරි පාපැදි ශූරතා දිනති

උදයකුමාර - පුෂ්පරාණි සුපිරි පාපැදි ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අනුරාධපුරයේ දී අද (18) නිමාව දුටු ජාතික පාපැදි ශූරතාවලියේ ඉහළම ජයග‍්‍රහණ ලැබීමට කිලෝමීටර් 102 ක් දුරැති සුපිරි (පිරිමි) තරගය ජයගත් උදයකුමාර සමත් විය. ඔහු අනුරාධපුරයේම ක‍්‍රීඩකයෙකි.

මෙවර ජාතික පාපැදි ශුරතාවලියට කාන්තා හා පිරිමි ඉසව් 13 ක් ඇතුළත් වූ අතර එහි ප‍්‍රධානම ඉසව්ව වන සුපිරි පිරිමි තරගය අද පස්වරුවේදී පැවැත්විණ. ජයග‍්‍රාහී උදය කුමාරගේ තරග නිමි කාලය පැය 2 වි. 30 තත්. 20 ක්  විය.

අනුරාධපුර ශ්‍රී මහ බෝධි මාවත, පැරණි පුරහල, රුවන්වැලිසෑය, අභයවැව, කෞතුකාගාරය, පොකුණු තුන, මිරිසවැටිය, තිසාවැව, වෙස්සගිරිය, ඉසුරුමුණිය, ජයන්ති විහාරය හරහා වැටී ඇති අලංකාර මාර්ගයක් ඔස්සේ මෙවර සුපිරි තරගය පැවැත්විණ. මෙම තරගයට දිවයිනේ නමගිය පාපැදි ශූරයන් රැසක් සහභාගි වී සිටි බැවින් එය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

කිලෝමීටර 43.5ක් දුරැති සුපිරි කාන්තා තරගයේදී ඉතා තියුණු තරගයකින් පසු ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ පැරදවූ ඩබ්.කේ. පුෂ්පරාණි විසින් රන් පදක්කම දිනා ගන්නා ලදී.

ඔවුන්ගේ තරග නිමි කාලයන් සමාන වූ අතර නව වැනි ස්ථානය දක්වා එකටම තරග නිමි කාලයක් වාර්තා වූයේ කී‍්‍රඩිකාවන් නව දෙනකු එකම පොකුරට තරගය අවසන් කළ බැවිනි.  කෙසේ වුවත් පළපුරුදු පාපැදි කී‍්‍රඩිකා ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ කාලය මැනීමේ සුපිරි කාන්තා ඉසව්ව ජය ගැනීමට සමත් වූවාය.

මෙවර ජාතික පාපැදි ශූරතාවලිය සංවිධානය කළ අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමය තරගකරුවන්ට අන්තර්ජාතික මට්ටමේ පහසුකම් දෙමින් තරගය සංවිධානය කිරීමට දැරූ උත්සාහය වඩාත් කැපී පෙනිණ. මෙරට  පාපැදි තරගයක මීට පෙර දක්නට නොලැබුණු ආකාරයට තරගකරුවන්ට පෞද්ගලිකව ආධාර ලබාගැනීම තහනම් කර තිබුණි. ඒ වෙනුවට තරග සංවිධායකයන්  සූදානම් කළ ආධාර  වාහනය බැගින් එක්  දිස්ති‍්‍රක්කයක් සඳහා ලබාදීමට කටයුතු කර තිබීමෙන්  වෙනදා පාපැදි තරගයක් පවතින අවස්ථාවක මාර්ගයේ දක්නට ලැබෙන තදබදයක් දක්නට නොලැබුණි.

මෙවර ජාතික පාපැදි තරගාවලිය සාර්ථක කර ගැනීමේදී විශාල සහයෝගයක් දුන් උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් සහ අනුරාධපුර පුරපති එච්. පී. සෝමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (17 වැනිදා) පැවැත්වුණි.


තරග මාලාවට ඇතුළත්වූ කාන්තා හා පිරිමි ඉසව් ගණන 13කි.

පිරිමි (සුපිරි) මාර්ග ධාවන තරගය - (කිලෝමීටර් 102)

1. උදය කුමාර  (අනුරාධපුරය - පැය 2 වි. 30 තත්. 20)
2. චතුර ඉන්දික (පුත්තලම ) පැය 2 වි. 30 තත්. 20)
3. ඞී. ඒ. සුරෙෂ්ද (පුත්තලම ) පැය 2 වි. 30 තත් 45)

 

කාන්තා (සුපිරි) මාර්ග ධාවන තරගය - (කිලෝමීටර් 43.5)

1. ඩබ්.කේ. පුෂ්පරානි (ගාල්ල - පැ 1 වි: 28.19)
2. ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ (අනුරාධපුරය-  පැ 1.28.10.)
3. ඉරේෂා මධුෂානි රණසිංහ (අනුරාධපුරය -  පැ 1.28.10)
4. ලසන්ති කි‍්‍රෂ්ණා ගුණතිලක (ගම්පහ -  පැ 1.28.10)
5. දිනේෂා දිල්රුක්‍ෂි. (පුත්තලම - පැ 1.28.10)
6. සුදාරිකා පි‍්‍රයදර්ශනී (කුරුණෑගල - පැ 1.28.10)
7. කාංචනා ලක්මාලි (කොළඹ - පැ - 1.28.10)
8. ප‍්‍රසාදිකා ද සිල්වා (ගම්පහ - පැ -1.28.10)
9. එන්. නානායක්කාර (අනුරාධපුරය -  පැ 1.28.10)
10. සුමේධා කුමාරි රත්නායක (මහනුවර - පැ -1.28.14)

 

- නාමල් පතිරගේ අනුරාධපුරයේ සිට...


අදහස් (1)

උදයකුමාර - පුෂ්පරාණි සුපිරි පාපැදි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.