Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එකට එකතුවෙන්න ඉගෙනගෙන තිබුණත් එකතුවී වැඩ කරන්න ශ්‍රී ලාංකිකයන් ඉගෙන ගෙන නැති නිසා රටේ ක්‍රීඩාව පරිහානියට ගොස් ඇතැයි ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්දන් විජේසුන්දර මහතා පැවසීය.
විජේසුන්දර මහතාගේ 50 වසරක ක්‍රීඩා දිවියට උපහාර දැක්වීම සඳහා “සේව්ද ස්පෝට්ස්” සංවිධානයේ මෙහෙයවීමෙන් ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවැති උපහාර උත්සවයේ දී විජේසුන්දර මහතා එසේ පැවසීය.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උපහාර උත්සවය ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එහිදී සමරු උපහාර තිළිණය රණතුංග මහතා අතින් ඔහුට ප්‍රදානය කෙරුණි. එම අවස්ථාවේ දී ඔහුට මුදල් තිළිණයක්ද ප්‍රදානය කෙරුණි. එය ඔහුට පිළිගැන්වූයේ මැක්ලරන්ස් ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්‍ෂිකා ෂෙහාරා ජයවර්ධන මහත්මිය විසිනි.
උත්සව සභාව අමතා යෝගානන්දන් විජේසුන්දර මහතා මෙසේද පැවසීය.
“එක් අවස්ථාවකදී නුවරඑළියේ ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් ගැන මම යෝජනා කළා. එදා මට ඒකට හිනාවුණ අය ඉන්නවා. නමුත් අද ආපසු හැරී බැලුවාම හිනාවෙලා තිබෙන්නෙ ඒ අයටමයි. එකට එකතුවී වැඩ කරන කලාව අපි ඉගෙනගෙන නෑ. ඒ නිසා අපි ක්‍රීඩාවෙන් කඩා වැටිලා”
“ලංකාවේ ක්‍රීඩාව ජීවත් කරවන පිරිසක් ඉන්නවා වගේම ක්‍රීඩාවෙන් ජීවත් වන පිරිසක්ද ඉන්නවා. ඒත් ක්‍රීඩාවෙන් ජීවත් වන පිරිස කරන්නෙ ක්‍රීඩාව විකුණාගෙන කන එකයි.”
“ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ කරන්න බැරි දෙයක් නෑ. කිලෝ මීටර 30 ක වේගයෙන් දුවන මිනිස්සු බිහිවෙයි කියලා කවුද හිතුවෙ. අඩි 30 ක් ඈතට පනින්න පුළුවන් කියලා මිනිස්සු හිතුවද? ඒ වගේම අඩි හතක් උසට පනින්න පුළුවන් වේවි කියලා මිනිස්සු හිතුවාද”
“අද රටේ ක්‍රීඩාවේ දැනුම හා එය ඉදිරිපත් කරන ක්‍රමවේදය අසාර්ථක වෙලා තිබෙනවා. මේක ගලපගන්නෙ නැතිව රටේ ක්‍රීඩාවට අනාගතයක් නෑ. පුහුණුකරුවෝ බීමතින් පිට්ටනියට එනවා. ඒක කවදාවත් සිද්ධ නොවිය යුතු දෙයක්. මේ බීමත් පුහුණුකරුවන් දිහා බලලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන්නෙ මොනවද? පුහුණුකරුවන්ගේ සංගමයක් කියලා එකතුත් තිබෙනවා. ඒකෙන් වැඩක් වන බවක් පෙනෙන්න නෑ”
“මගේ ඇස් පෙනීම අඩුයි කියලා මම කනගාටු වෙන්නෙ නෑ. ඒ නිසා මම වැටෙන්නෙත් නෑ. මම හිතන්නෙ ඒ මම ලබපු දේ කියලයි. නමුත් මට හොඳට තාමත් ඇහෙනවා. ඒ ඇහෙන දේවල්වලින් නම් කියැවෙන්නේ රටේ ක්‍රීඩාවේ ලොකු ගැටළු සහගත තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා කියලයි”
“මෙවැනි උපහාර උත්සවයක් සංවිධානය කිරීම ගැන මම සංවිධායකයන්ට කෘතඥ වෙනවා. එම අවස්ථාවට සහභාගි වුණු ඇමැති අර්ජුන රණතුංග මහතා ඇතුළු සහභාගී වූ සැමට ගෞරවය පුදකර සිටිනවා” යයිද විජේසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූ ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ උපහාර ලබන යෝගානන්ද විජේසුන්දර මහතා පරමාදර්ශී චරිතයක් බවය
ඇමැතිවරයා මෙසේ ද පැවසීය
“අද මෙහි රැස්ව සිටින විශාල පිරිස් ඒ පැමිණ සිටින්නේ එතුමාට කෘතගුණ දක්වනවාටත් වඩා එතුමා මෙතෙක් කළ සේවය අගයන්නයි. එතුමාගේ රෝගී තත්ත්වය සුව අතට හැරී තව තවත් ක්‍රීඩාවට උපකාර කරන්න ශක්තිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා” යයිද රණතුංග මහතා පැවසීය.
ඡායාරූප - තුෂාර කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.