Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඔලිම්පික් පිහිනුම් ශූරිය ශී‍්‍ර ලංකාවේ සංචාරයක

ඔලිම්පික් පිහිනුම් ශූරිය ශී‍්‍ර ලංකාවේ සංචාරයක

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඇමරිකානු පිහිනුම් කී‍්‍රඩිකා මිසී ෆ‍්‍රැන්ක්ලින් සීනිගම ‘ගුණ-ජය-සතුට’ පදනමේ ආරාධනයක් මත හෙට (5 වැනිදා) දිවයිනට පැමිණෙයි.

වසර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 4 ක් දිනාගත් මිසී ෆ‍්‍රැන්ක්ලින් සිය ශී‍්‍ර ලංකා සංචාරයේදී සීනිගම ‘ගුණ-ජය-සතුට’ පදනමේ දරු දැරියන් සමග පිහිනුම් සැසි කිහිපයකටද සහභාගි වීමට නියමිතය.

තවමත් 20 හැවිරිදි මිසී ජැනට් ෆ‍්‍රැන්ක්ලින් කාන්තා මීටර 200 පසුපස ආර ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන්නිය වන අතර මීටර 200 සහ මීටර 100 පසුපස ආර ඉසව් දෙකෙහිම ඇමරිකානු වාර්තාවටද හිමිකම් කියන්නීය. ඊට අමතරව ඇය පිහිනුම් ලෝක ශූරතා සහ ලෝක කුසලාන ඉසව් වලදී ජයගත් අවස්ථා රැසකි.

ඔලිම්පික් රන් පදක්කම් හිමි පිහිනුම් කී‍්‍රඩිකාවක් සිය ශූරතාව රැකගෙන සිටියදීම ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සමග තම අත්දැකීම් බෙදා හදාගැනීමට ශී‍්‍ර ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

වයස අවුරුදු 5 දී පිහිනුම් තටාකයට පිවිසි ෆ‍්‍රැන්ක්ලින් සිය පළමු ඔලිම්පික් තරගාවලියට සහභාගි වූයේ 2012 ලන්ඩන් නුවරදීය. එහිදී මීටර 100 පසුපස ආර, මීටර 200 පසුපස ආර, මීටර 100 සහාය පිහිනීම සහ මීටර 200 සහාය පිහිනීමේ ඉසව්වලදී ඇය රන් පදක්කම් දිනාගත්තාය.  බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවරදී ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදීත් තමන්ගේ රන් පදක්කම් හතර ආරක්‍ෂා කරගැනීම ෆ‍්‍රැන්ක්ලින්ගේ බලාපොරොත්තුවයි.

සමාජ සත්කාර සංවිධානයක් වන එක්සත් ජනපදයේ ලෝරස් පදනමේ නියෝජිතවරියක ලෙසින්ද ෆ‍්‍රැන්ක්ලින් මේ වන විට කටයුතු කරන්නීය. ලෝ ප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන, එංගලන්ත පිලේ හිටපු නායක, ශී‍්‍රමත් ඉයන් බොතම්ද ලෝරස් පදනමේ නියෝජිතයකු ලෙස කටයුතුකරන අතර ශී‍්‍රමත් ඉයන් බොතම් වසර 2013 දී උතුරේ සිට දකුණට පැවැති පා ගමනක් වෙනුවෙන් ශී‍්‍ර ලංකාවටද පැමිණියේය.

ඇමරිකා එක්සත් ජනපදයේ ‘ලෝරස්’ පදනම සහ ශී‍්‍ර ලංකාවේ ‘ගුණ-ජය-සතුට’ පදනම වසර ගණනාවක සිටම යම් යම් සමාජ සත්කාර කටයුතු වලදී ඒකාබද්ධව කටයුතු කරයි.

 


අදහස් (0)

ඔලිම්පික් පිහිනුම් ශූරිය ශී‍්‍ර ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.