Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඔලිම්පික් නිලවරණයට එන්නේ නෑ - හේමසිරි

ඔලිම්පික් නිලවරණයට එන්නේ නෑ - හේමසිරි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණයට තමා ඉදිරිපත් නොවන බව එහි වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසයි.
”ලංකාදීප” ය කළ විමසුමකදී පැවසුවේ කමිටුවේ මීළඟ නිලවරණය ලබන දෙසැම්බර් අගභාගයේදී පැවැත්වීමට එහි විධායක සභාව උනන්දුවී සිටින බවය.

මීළඟ නිලවරණයට නොඑන්න මම තීරණයක් ගත්තා. ඒක වෙනස් කරන්න මගේ අදහසක් නෑ. ජාතික ඔලිම්පික් කමිටුවේ රැඳුණු කාලය තුළ මා කළ සේවය ගැන රටේ ජනතාවට නිගමනයකට එන්න පුළුවන්.

ඔලිම්පික් කමිටු නිලවරණය වළක්වන්න මගේ කිසිම උත්සාහයක් නෑ. ප‍්‍රශ්නය වෙලා තිබෙන්නේ නිලවරණයට අවම  සති දෙකකට කලින්වත් කමිටුවේ ගිණුම් වාර්තා විගණනය කර අවසන් කළ යුතුයි.

නමුත් මා විධායක සභාවට උපදෙස් දුන්නේ ඒකට තවත් කල් ගන්නවා නම් ගිණුම් කෙටුම්පතක් ඉදිරිපත් කරලා හෝ නිලවරණය පවත්වන්න උනන්දු වෙමු කියලා යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉලක්කයට වෙඩි තැබීමේ හිටපු ජාතික ශූරයකුද වන ප‍්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය ඇතුළු ජාතික ක‍්‍රීඩා සංගම් ගණනාවක සභාපති ඇතුළු ඉහළ පෙලේ තනතුරු දරා තිබේ.

ඔහු මේ වන විට වසර 18 ක් තිස්සේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය දරයි.

වසර 2017 හම්බන්තොට නගරයේදී පැවැතේවන ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සංවිධාන සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ධුරයද හොබවයි.


අදහස් (0)

ඔලිම්පික් නිලවරණයට එන්නේ නෑ - හේමසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.