Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ඔලිම්පික් කමිටුවේ අද (23 වැනිදා) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. සුබ්‍රමනියම් මහතා ඡන්ද 18 ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 12 ක් පමණි.
සුරේෂ් සුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපතිවරයෙකි.
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන අතර මෙම වාර්තාවට තවදුරටත් තොරතුරු එකතු වන බව කරුණාවෙන් සලකන්න.
සභාපති - සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් (ටෙනිස්)
මහ ලේකම් - මැක්ස්වෙල් ද සිල්වා (ජූඩෝ)
උප සභාපතිවරු - අදුතරයි කට්ටර් (රුවල් ඔරු), සුමිත් එදිරිසිංහ (හොකී), පාලිත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා) සහ අසංග සෙනෙවිරත්න (රග්බි)
භාණ්ඩාගාරික - සේනක රණසිංහ (පා පැදි)
සහකාර ලේකම් - චන්දන ලියනගේ (පැසිපන්දු)
උප භාණ්ඩාගරික - නිෂාන්ත ජයසිංහ (බැඞ්මින්ටන්)
කමිටු සාමාජිකයෝ - චානක හසන්ත (ජල ක්‍රීඩා), ෆාසිල් මොහොමඞ් (බේස් බෝල්) සහ අජිත් තාමෙල් (බර ඉසිලීම)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.