Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ක්ලැසික් කුසලාන බේස්බෝල් තරගාවලිය අද සිට 22 දක්වා දියගම කී‍්‍රඩාංගණයේදී

ක්ලැසික් කුසලාන බේස්බෝල් තරගාවලිය අද සිට 22 දක්වා දියගම කී‍්‍රඩාංගණයේදී

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන ටෙලිකොම් කුසලාන ක්ලැසික් බේස්බෝල් තරගාවලිය 19 වැනිදා සිට 22 වැනිදා දක්වා හෝමාගම, දියගම ජපන් - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඉන්දීය පී‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියට බොහෝසෙයින් සමාන ආකෘතියකින් පැවැත්වීමට නියමිත මෙම  තරගාවලියට ගෝල්ඩන් ලයන්ස්, රෙඞ් ස්කෝපියන්ස්, බ්ලැක් හොක්ස්, වයිට් ස්ටැලියන්ස්, ගී‍්‍රන් වුල්ව්ස් සහ බ්ලූ ශාර්ක්ස් යන කණ්ඩායම් හය සහභාගී වෙති.

තරගාවලියේ පළමු දිනයේ පළමු පන්දුව (ෆස්ට් පිච් ප්ලේ බෝල්) යවමින් තරග ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයක මහේල ජයවර්ධනට ආරාධන කර තිබෙන අතර දෙවැනි සහ තෙවැනි දින වලදී ඒ සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරියත්, අවසන් දිනයේදී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහත් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම බේස්බෝල් කී‍්‍රඩකයන් 100 දෙනා අතුරින් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 6 සඳහා කී‍්‍රඩකයන් තේරීමට කටයුතු කළ බවත්, ඒ සෑම කණ්ඩායමක් සඳහාම වයස අවුරුදු 19 ට අඩු කී‍්‍රඩකයන් දෙදෙනා බැගින් ඇතුළත් කළ බවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ නිලධාරියක් පැවසීය.

ශී‍්‍ර ලංකා බේස්බෝල් කී‍්‍රඩකයන්ගේ කී‍්‍රඩා දක්ෂතා වැඩිදියුණු කිරීමත්, ඔවුන් ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබීමත් මෙම තරගාවලිය පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ බව සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසීය. එළඹෙන නොවැම්බර් මාසයේ පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට නවක මුහුණු කිහිපයක් එක්කර ගැනීමට මෙම තරගාවලිය මගින් අපේක්‍ෂා කරන අතර ලබන වසරේදී මෙම තරගාවලිය සඳහා විදෙස් කී‍්‍රඩකයන් කිහිපදෙනකු සහභාගීකර ගැනීමටද බලාපොරොත්තු වන බවත් ඒ මහතා තව දුරටත් ප‍්‍රකාශ කළේය.

තරගාවලිය සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය සපයයි. ලෝකයේ බේස්බෝල් කී‍්‍රඩාවේ නිරත වන රටවල් 140 අතර 30 වැනි ස්ථානයේ පසුවෙන ශ්‍රී ලංකාව,  කි‍්‍රකට් සහ කැරම් හැරුණු කොට ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩාව බේස්බෝල් කී‍්‍රඩාවයි.

 


අදහස් (0)

ක්ලැසික් කුසලාන බේස්බෝල් තරගාවලිය අද සිට 22 දක්වා දියගම කී‍්‍රඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.