Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ක්‍රිෂ්මි අර්ධ අවසන් පූර්ව වටයට එයි

ක්‍රිෂ්මි අර්ධ අවසන් පූර්ව වටයට එයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වියට්නාමයේ හෝ චි මින් නගරයේදී පැවැත්වෙන ආසියානු කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝ ග්‍රෑම් 60 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිෂ්මි ධර්මතිලක ඊයේ (2 වැනිදා) සමත් වූවාය. ඊයේ පැවැති මූලික වටයේ තරගයකදී නේපාල ක්‍රීඩිකාවක් පරාජය කරමින් ඇය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

හෙට (4 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ක්‍රිෂ්මි ධර්මතිලක ඉන්දීය ක්‍රීඩිකාවකට එරෙහිව තරග වැදීමට නියමිතය. ක්‍රිෂ්මිගේ තරගයට අමතරව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වන තවත් අර්ධ අවසන් පූර්ව තරග 2 ක් පැවැත්වීමට නියමිතය.

කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ ආසියානු තරගාවලියට සහභාගි වී සිටින කෝසලා නිල්මිණි එම බර පංතිය යටතේ අද පැවැත්වෙන පිලිපීන - ජපන් මූලික වටයේ තරගයෙන් ජයගන්නා ක්‍රීඩිකාවට එරෙහිව තරග වදී. කිලෝ ග්‍රෑම් 75 බර පංතිය යටතේ තරගාවලියට සහභාගි වී සිටින ශිරෝමාලා වීරරත්න උතුරු කොරියානු ක්‍රීඩිකාවකට එරෙහිව තරග වදින්නීය.

අද පැවැත්වීමට නියමිත කිලෝ ග්‍රෑම් 51 බර පංතියේ මූලික වටයේදී ශ්‍රී ලංකාවේ අනුරාධා ජයසිංහ පිලිපීන ක්‍රීඩිකාවකට එරෙහිව තරග වැදිමට සූදානමින් සිටින්නීය. අනුරාධා අවසන් වරට නෙදර්ලන්තයේදී පැවැති එන්ඩිඕවන් කුසලාන බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූ අතර ඇයට එරෙහිව තරග වදින පිලිපීන ක්‍රීඩිකාව 2015 වසරේ චීන තායිපේහිදි පැවැති තායිපේ සිටි කුසලාන තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා සිටින්නීය.

ශ්‍රී ලංකාවද ඇතුළුව මෙම තරගාවලියට රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ 118 දෙනෙක් සහභාගි වෙති. කසකස්තානය, උස්බෙකිස්තානය, චීනය, උතුරු කොරියාව සහ ඉන්දියාව යන ප්‍රබල රටවල ක්‍රීඩිකාවෝද ඊට ඇතුළත්ව සිටිති.  

ලබන වසරේ (2018) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේද මෙම ආසියානු ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමක් බව ශ්‍රී ලංකා බොක්සිං සංගමය පවසයි.

 


අදහස් (0)

ක්‍රිෂ්මි අර්ධ අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.