Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කැරම් නිලවරණය අත්හිටුවන ලකුණු

කැරම් නිලවරණය අත්හිටුවන ලකුණු

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සභාපතිවරයා සම්මේලනය හැරයාම හේතුවෙන් උද්ගතවී තිබෙන අරාජික තත්ත්වය හමුවේ ලබන මාර්තු 10 වැනිදා කැඳවා තිබෙන ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණය අත්හිටුවීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.

කැරම් සම්මේලනයේ සභාපති ධුරය දැරූ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා පසුගිය නොවැම්බර් 19 වැනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර කාර්යබහුලත්වය හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ දන්වා තිබේ.

කෙසේවුවත් කැරම් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහි ඉහළ පෙළේ නිලධාරියෙකු සමග ඇති කරගත් බව කියන මත ගැටුමක් හේතුවෙන් සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැරම් සම්මේලනයේ විධායක කමිටුව එළඹෙන නිලවරණය (2017-19) ලබන මාර්තු 20 වැනිදා පැවැත්වීමටත් ඒ සඳහා පෙබරවාරි 10 වැනිදා සිට 24 වැනිදා දක්වා නාමයෝජනා කැඳවීටත් තීරණය කර තිබේ.

කෙසේවුවත් පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ විධායක කමිටු රැස්වීමද අත්හිටුවා තිබෙන අතර නිලවරණය සම්බන්ධයෙන් දින 45 කට පෙර ක්‍රීඩා සමාජ දැනුම්වත් කළ යුතුය.  අදාළ ලිපි ලේඛන ක්‍රීඩා සමාජ වෙත යොමු කර නොතිබූ හෙයින් නිලවරණය ලබන මාර්තු 10 වැනිදා පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව කැරම් සම්මේලනයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කිරීමට සම්මේලනයේම නිලධාරීන් පිරිසක් සූදානම් වෙමින් තිබෙන බව කැරම් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිපාලනයේ අරාජික තත්ත්වයක් උද්ගත වෙමින් පැවතියද පසුගිය නොවැම්බර් මාසයේදී එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවති ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම පිරිමි කණ්ඩායම් තරගාවලියේ රන් පදක්කම හා කාන්තා කණ්ඩායම් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ක්‍රීඩා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන නවයක ත්‍යාග මුදලක් ප්‍රදානය කරනු ලැබීය.

 


අදහස් (0)

කැරම් නිලවරණය අත්හිටුවන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.