Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 59-50 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 32-23 ක් ලෙස පෙරමුණගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 27 ක් එක්කරගත්හ. ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායමද දෙවැනි අර්ධයේදී ලකුණු 27 ක් රැස්කළ නමුත් පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට හිමිවිය.
තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 20 ක් රැස්කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ බ්‍රෙන්ට් තේවකුමාර් සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ 17 වැනි දිනයේදී පැවැති ‘බී’ කාණ්ඩායේ තරගවලදී ජය වාර්තා කිරීමට ස්ටෑන්ඩඞ් ටාචඞ් සහ ඬේවිඞ් පීරිස් කණ්ඩායම්ද, ‘සී’ කාණ්ඩයේ තරගයකදී ජය වාර්තා කිරීමට සම්පත් බැංකු කණ්ඩායමද සමත් විය.
‘ඒ’ කාණ්ඩය
■ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම විසින් ලකුණු 59-50 ක් ලෙස ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - බ්‍රෙන්ට් තේවකුමාර් (කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම) - ලකුණු 20
‘බී’ කාණ්ඩය
■ ස්ටෑන්ඩඞ් ටාචඞ් කණ්ඩායම විසින් ලකුණු 51-43 ක් ලෙස ජෝන් කීල්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ජෙරඞ් ප්‍රනාන්දු (ස්ටෑන්ඩඞ් ටාචඞ් කණ්ඩායම) - ලකුණු 12
■ ඬේවිඞ් පීරිස් කණ්ඩායම විසින් ලකුණු 41-17 ක් ලෙස අයි.එෆ්.එස්. කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - හර්ෂිඕනි සිල්වා (ඬේවිඞ් පීරිස් කණ්ඩායම) - ලකුණු 13
‘සී’ කාණ්ඩය
■ සම්පත් බැංකු කණ්ඩායම විසින් ලකුණු 53-41 ක් ලෙස එන්.ඩී.බී. බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - චමත් ධනවංශ (සම්පත් බැංකු කණ්ඩායම) - ලකුණු 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.