Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කොළඹ ‘රතු’ කණ්ඩායමට හොකී ශූරතාව

කොළඹ ‘රතු’ කණ්ඩායමට හොකී ශූරතාව

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කළ 49 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස 19 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ දිස්ත්‍රික් ‘රතු’ කණ්ඩායම් ක්‍රීඩකයෝ සමත්වුහ. මහනුවර දිස්ත්‍රික් ‘නිල්’ කණ්ඩායම බාලිකා ශූරතාව දිනා ගත්තේය.

තරගාවලියේ අවසන් මහා තරග අද (1) පස්වරුවේ කොළඹ රීඞ් මාවතේ කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පසුගිය වසරේ ශූරයන් වු මාතලේ ‘රන්’ කණ්ඩායම ගෝල 2-1 කින් පරදවා කොළඹ ‘රතු’ කණ්ඩායම ශූරතාව දිනා ගැනීම කැපී පෙනේ. කොළඹ රතු කණ්ඩායම ගිය වසරේ අනුශූරතාව හිමිකර ගත් කණ්ඩායමයි.

තරගයේ පළමු අර්ධයේදී මාතලේ කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගත් නමුත් දෙවැනි අර්ධයේදී කොළඹ කණ්ඩායම ඉදිරියට පැමිණියේය. තරගයේ 14 වැනි මිනිත්තුවේදී මාතලේ කණ්ඩායමේ ධනංජය බණ්ඩාර ගෝලය ලැබීය.

කොළඹ කණ්ඩායමේ ෂෙරෝන් ෆේබ්රියන් තරගයේ 32 වැනි මිනිත්තුවේදී ද, අබ්දුල් රහුමාන් තරගයේ 42 වැනි මිනිත්තුවේ ද ගෝල ලබා ගැනීමට සමත්වුහ.

පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම සහ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම අතර පැවැති බාලක තෙවැනි ස්ථානය සඳහා තරගයෙන් දඬුවම් පහර 3-2 ක් ලෙස පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම ජය ලැබීය.

බාලක අවසන් පුර්ව වටයේදී කොළඹ රතු කණ්ඩායම විසින් පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම (ගෝල 2-1) ද, මාතලේ රන් කණ්ඩායම විසින් ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම (ගෝල 4-0) ද පරාජය කරන ලදී.

පසුගිය වසරේ බාලිකා සම ශූරතාව දිනාගත් කණ්ඩායම් දෙකම මෙවර ද බාලිකා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගයේදී මහනුවර ‘නිල්’ කණ්ඩායම හමුවේ කොළඹ පාසල් ‘රතු’ කණ්ඩායම ගෝල 3-1 ක පරාජයක් ලැබීය.

තරගයේ පළමු අර්ධය අවසානයේදී දෙපිලම ගෝලය බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය.

ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෙන් සඳුනිකා දේවගිරි 17 වැනි මිනිත්තුවේදීද, සොහානි මධුරංගිනී 27 වැනි මිනිත්තුවේදී ද, වත්සලා ජයසිංහ 37 වැනි මිනිත්තුවේදී ද ගෝල ලැබුහ. කොළඹ කණ්ඩායම වෙනුවෙන් අනිෂ්කා ගුණසේකර ගෝලය ලබා ගත්තේ තරගයේ 20 වැනි මිනිත්තුවේදීය.

මාතලේ ‘රන්’ කණ්ඩායම විසින් ක`ඵතර දිස්ත්‍රික් කණ්ඩායම ගෝල 4-0 කින් පරදවා බාලිකා තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදී.

බාලිකා අවසන් පුර්ව වටයේදී කොළඹ ‘රතු’ කණ්ඩායම විසින් ක`ඵතර දිස්ත්‍රික් කණ්ඩායම (ගෝල 1-0) ද, මහනුවර ‘නිල්’ කණ්ඩායම විසින් මාතලේ ‘රන්’ කණ්ඩායම ද (ගෝල 3-0) ද පරාජය කරන ලදී.

බාලක කණ්ඩායම් 11 ක් තරග කළ මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතලේ ‘රන්’ කණ්ඩායමේ ධනංජය බණ්ඩාර සම්මාන දිනාගත් අතර කොළඹ ‘රතු’ කණ්ඩායමේ චාරුක මධුෂංක දක්ෂතම ගෝල රකින්නා ලෙස සම්මාන ලැබීය.

කණ්ඩායම් 10 ක් තරග වැදුණු බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර ‘නිල්’ කණ්ඩායමේ වත්සලා ජයසිංහ ද, දක්ෂතම ගෝල රකින්නිය ලෙස මහනුවර කණ්ඩායමේ ම තරුෂි හිමානි ද තේරී පත්වුහ.
 

බාලක ශූරතාව දිනාගත් කොළඹ දිස්ත්‍රික් රතු කණ්ඩායම

බාලිකා ශූරතාව දිනාගත් මහනුවර දිස්ත්‍රික් නිල් කණ්ඩායම

 

49 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලියේ අවසන් තරග අවස්ථා ...

ඡායාරූප - සජීක ජයසිංහ


අදහස් (0)

කොළඹ ‘රතු’ කණ්ඩායමට හොකී ශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.