Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ගාමිණී - නිලූ ගොල්ෆ් ශූරතා දිනති

ගාමිණී - නිලූ ගොල්ෆ් ශූරතා දිනති

ශනුක අරවින්ද - 2018 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදාපති අභියෝග කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාව ලකුණු 35 ක් ලබාගත් ගාමිණී ජයවීර විසින් දිනාගන්නා ලදි. ලකුණු 35 ක් ලබාගත් නිලූ ජයතිලක එහි  කාන්තා ශුරතාව දිනාගැනීමට සමත් වූවාය.

ත්‍රිකුණාමලය චිනවරායේ පිහිටි ගුවන් හමුදාවට අයත් ඊගල්ස් ගෝල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රිඩක ක්‍රීඩිකාවෝ 60 ක් පමණ සහභාගි වූහ.

එහි පිරිමි අනු ශූරතාව ලකුණු 33 ක් ලබාගත් ලලිත් පින්ටෝට හිමිවිය. පිරිමි අංශයේ දීර්ඝතම පහර සහ ආසන්නතම පහර සදහා පිරිනැමෙන කුසලාන පිළිවෙලින් ආර්. විජේගුණරත්නට සහ ගෲප් කපිතාන් රජින්ත ජයවර්ධනට හිමිවිය. කාන්තා අංශයේ දීර්ඝතම පහර සදහා පිරිනැමෙන කුසලාන තමන් සතුකර ගැනීමට නිලූ ජයතිලක සමත් වූවාය.

තරගාවලියේ ජය සංඛේත ප්‍රදානය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් මාබල් බීච් ගුවන් හමුදා අවන්හලේදී පැවැත්විණ.

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේ්ගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස්, ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ චීන වාරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමදෝරු සම්පත් තුයියකොන්තා ඇතුලු නිළධාරීහු රැසක් ඊට එක් වූහ.

-036

 


අදහස් (0)

ගාමිණී - නිලූ ගොල්ෆ් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.