Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ගුවන් හමුදා පාපැදි සවාරිය 25 දා සිට

ගුවන් හමුදා පාපැදි සවාරිය 25 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මේ මස 25, 26 සහ 27 යන දින වලදී පැවැත්වීමට නියමිතය.

අබාන්ස් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය අදියර 3 කින් පැවැත්වෙන අතර ඊට සහභාගි වීමට නියමිත පාපැදිකරුවන් සංඛ්‍යාව 100 කට අධිකය.

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් පෙබරවාරි 25 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භ වන පිරිමි තරගයේ පළමු අදියර ඇඹිලිපිටිය දක්වාත් (කි. මී. 178), 26 වැනිදා පවැත්වෙන දෙවැනි අදියර වීරවිල සිට කොග්ගල දක්වාත් (කි. මී. 131), 27 වැනිදා පවැත්වෙන තෙවැනි අදියර කොග්ගල සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වාත් (කි. මී. 133) පැමිණීමෙන් පසු අවසන් වේ. මෙහිදී පාපැදි කරුවන්ට ගමන් කිරීමට සිදුවන සමස්ත දුර ප‍්‍රමාණය කිලෝ මීටර 442 කි.

මෙහිදී පළමු අදියර යටතේ කොළඹ සිට රත්නපුර, ගොඩකාවෙල හරහා ඇඹිලිපිටියට පැමිණි පසු ඒ අවට ගුවන් හමුදා කඳවුරක් නොමැති බැවින් එම අදියර අවසානයේ සියලූම තරගකරුවන් වීරවිල ගුවන් හමුදා කඳවුර කරා රැගෙන යෑමට සංවිධායකයන් කටුයතු යොදා තිබේ. කොළඹ සිට වීරවිල දක්වා පළමු අදියර දිගු කළහොත් එහිදී තරගකරුවන්ට ගමන්කිරීමට සිදුවන දුර ප‍්‍රමාණය වැඩි වන බැවින් පළමු අදියර ඇඹිලිපිටියෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ.

27 වැනිදා ඒකල ගුවන් හමුදා කඳවුර අසළින් ආරම්භ වන කාන්තා තරගය ජාඇල හරහා කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා පැමිණීමෙන් අවසන් වේ. ඒ සඳහා තරගකාරිනියන් 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

පිරිමි තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් 300,000 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර දෙවැනි ස්ථානයට රුපියල් 200,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 100,000 ක්ද, සිව්වැනි ස්ථානයට රුපියල් 50,000 ක්ද, පස්වැනි ස්ථානයට 40,000 ක්ද ආදී වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමේ.

තවද 6 වැනි ස්ථානයට රුපියල් 25,000 ක්ද, 7 වැනි ස්ථානයට රුපියල් 20,000 ක්ද, 8 වැනි ස්ථානයට රුපියල් 15,000 ක්ද, 9 වැනි සහ 10 වැනි ස්ථානය වලට රුපියල් 10,000 බැගින්ද, 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින්ද, 16 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින්ද පිරිනැමීමට නියමිතය.

වයස 23 න් පහළ ශූරතාව දිනාගන්නා තරගකරුට රුපියල් 75,000 ක් සහ වේගවත්ම කී‍්‍රඩකයාට (ස්පි‍්‍රන්ට් ශූරතාව) රුපියල් 30,000 ක් වශයෙන් තවත් මුදල් ත්‍යාග හිමිවන අතර පිරිමි කණ්ඩායම් ඉසව්වේ ජයග‍්‍රාහී කණ්ඩායමට රුපියල් 100,000 ක් සහ එහි අනුශූරයනට රුපියල් 50,000 ක් පිරිනැමීමටද සංවිධායක කමිටුව සූදානමින් සිටියි.

කාන්තා තරගයේ ජයග‍්‍රාහිකාවට රුපියල් 75,000 ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රුපියල් 50,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 25,000 ක්ද, සිව්වැනි ස්ථානයට රුපියල් 15,000 ක්ද, පස්වැනි ස්ථානයට රුපියල් 10,000 ක්ද පිරිනැමීමට නියමිතය. තරගාවලියේ වේගවත්ම කී‍්‍රඩිකාවට (ස්පි‍්‍රන්ට් ශූරතාව) රුපියල් 10,000 ක්ද, කාන්තා කණ්ඩායම් ඉසව්වේ ශූරතාව සඳහා රුපියල් 30,000 ක්ද පිරිනැමේ.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය 27 වැනිදා පස්වරු 5.00 සිට ගුවන් හමුදා මූලස්තානය ඉදිරිපිට රයිෆල් ගී‍්‍රන් කී‍්‍රඩා පිටියේදී ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

 

 

අබාන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් පි‍්‍රයශාන්ත මහතා, ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස් මහතාට අනුග‍්‍රාහක චෙක් පත ප‍්‍රදානය කළ අවස්ථාව.... ගුවන් හමුදා කී‍්‍රඩා සභාවේ ලේකම් ගෲප් කපිතාන් පී. එන්. ද කොස්තා, ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් එල්. එම්. ලීලාරත්න ගෲප් කපිතාන්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති අමල් හර්ෂ ද සිල්වා, අබාන්ස් සහකාර සමාගමේ සාමාන්‍යාධිකාරී ලලින් ඇන්තනී සහ එයාර් කොමදෝරු ඩබ්ලිව්. එල්. රොද්‍රිගූ යන මහත්වරුන්ද ඡායාරූපයේ සිටිති.

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

ගුවන් හමුදා පාපැදි සවාරිය 25 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.