Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ සිට පැමිණ කෙළින්ම තරග වැදුණු පිටියේ ඉසව් ජාතික ශූරයකු වන චරිත් කපුකොටුව පොළොන්නරුවේදී අද (14) නිමාවට පත්වූ 44 වෙනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී දිනාගත් යගුලිය විසිකිරීම (පිරිමි ඉසව්වේ රන් පදක්කම) අවලංගු කිරීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. බස්නාහිර පළාතෙන් එල්ලවූ විරෝධතාවයක් සළකා බැලූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බුවනක හේරත් මහතා චරිත් කපුකොටුවගේ එම තරග වැදීම ජාතික මහ ක්‍රීඩා උළෙලේ චක්‍රලේඛයන්ට අනුකුල නොවන බවට තීරණය කරමින් ඔහු දිනාගත් රන් පදක්කම එහි දෙවැනි ස්ථානය හිමිකරගත් බස්නාහිර පළාතේ ධනුෂ්ක පෙරේරාට ප්‍රදානය කළේය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත් මහතා එහිදී ලංකාදීපයට පැවැසුවේ චරිත්ගේ මිටිය වීසිකිරීම හා කවපෙත්ත විසිකිරීම යන සෙසු ඉසව් දෙකේ ඔහුගේ ජයග්‍රහණයන්ටද දකුණු පළාතෙන් විරෝධතාවයක් ඉදිරිපත් වූ බවයි. එහෙත් එම විරෝධතා ඉදිරිපත් කිරීම ප්‍රමාදව සිදුකර තිබීම තරග විරෝධතා නීතිරීතිවලට පටහැනි බැවින් එය ඉවත දැමූ බවත් ඔහු එහි දී පැවසීය.
එහිදී චරිත් මීටර 16.24 ක දක්ෂතාවක් දැක්වූ අතර ධනුෂ්කගේ විසි කිරීමේ දුර වූයේ මීටර 16.11 කි. චරිත් කපුකොටුව මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ දී වඩාත් කැපී පෙනුණු ක්‍රීඩකයා වූයේ තරගාවලියේ දී වාර්තා වූ එකම නව වාර්තාවේ හිමිකරුවා ඔහු වීමෙනි. මිටිය විසි කිරීම ඉසව්වේදී මීටර 50.26ක දක්ෂතාවයක් දක්වමින් කරමින් ඔහු එම නව වාර්තාවට හිමිකම් කියන අතර කවපෙත්ත විසිකිරීම (පිරිමි) ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගැනීමට (මීටර 51.22) ඔහු සමත්වීම කැපී පෙණුනි.
මිටිය විසි කිරීම (පිරිමි) මීටර් 52.53 හා යගුලිය විසිකිරීම (පිරිමි) මීටර 17.55 යන ඉසව් දෙකේ ජාතික වාර්තාවන්ට ද හිමිකම් කියන චරිත් කපුකොටුව ලංකාදීපයට පැවැසුවේ තමන් තරග වැදීමෙන් පසුව තරග සංවිධායකයන් රන් පදක්කම අහිමි කිරීම අසාධාරණයක් බැවින් තමන් ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.
බ්‍රහස්පතින්දා (18) තමන් පෙරළා ඇමරිකාව බලා පිටත්ව යන බවත් නැවත ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීම ගැන සිතා බැලීමට සිදුවන බවත් ඔහු ලංකාදීපයට පැවැසීය.
පළාත් තරග නියෝජනය කිරීමෙන් පමණක් හෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අනුමත වෙනත් දෙස් විදෙස් තරගාවලියක ජයග්‍රහණයකින් පමණක් ජාතික මහ ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට අවස්ථාව හිමිවේ.
කපුකොටුව ඇමෙරිකාවේ දී සහභාගි වූ තරග ශ්‍රී ලංකාව නියෝජනය කිරීමත් නොවන බව අවධාරණය කරමින් ඔහුගේ ජාතික මහ ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය ඔහු තරග වැදුණු එක් ඉසව්වකට පමණක් සීමා කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ තීරණයට එළඹුණි.
දෙපාර්ශ්වයටම සාධාරණයක් වන ආකාරයෙන් එහිදී තීරණය ලබාදුන් බව බුවනෙක හේරත් මහතා පවසයි.
● මීටර 100 කඩුලු (කාන්තා) -
1. ඩබ්ලිව්.වයි.එල්. සුගන්ධි (බස්නාහිර තත්ත්පර 14.81), 2. එන්.ජී. ගුණතිලක (සබරගමුව 15.28), 3. ජේ.ජී. නෙත්මිණි (දකුණ 15.42).
● තුන් පිම්ම (පිරිමි) -
1. සෆ්රින් අහමඞ් (දකුණ මීටර් 15.20), 2. ඩී.කේ. ප්‍රනාන්දු (බස්නාහිර 15.65), 3. අයි.එස්. ජයසිංහ (සබරගමුව 15.65)
● මීටර් 110 කඩුලු (පිරිමි) -
1. ජේ.ආර්.ඩී. රණතුංග (සබරගමුව - 14.48), 2. ආර්.කේ.ඒ. කරුණාතිලක (14.87), 3. ආර්.ඩී. පෙරේරා (බස්නාහිර 15.02)
● මීටර් 5000 (පිරිමි):
1. ආර්.එම්.එස්. පුෂ්පකුමාර (බස්නාහිර - විනාඩි 15.00.8) 2. ඩී.එල්. සමරජීව (මධ්‍යම - 15.14.8) 3. ඒ.කේ. තරංග (සබරගමුව - 15.20.6)
● යගුලිය විසිකිරීම (පිරිමි):
1. ධනුෂ්ක පෙරේරා (බස්නාහිර - 15.11) 2. ආර්.එම්.එස්.සී. රණසිංහ (ඌව - 13.87) 3. ටී.එම්. ආසිත් (නැගෙනහිර - 13.79).
● තුන් පිම්ම (කාන්තා):-
1. හසිනි ප්‍රබෝධා (වයඹ - මීටර් 13.26), 2. විදුෂා ලක්ෂානි (බස්නාහිර - 13.06), 3. එන්.ඒ.ඩී. ධනංජි (දකුණ - 12.17)
● මීටර් 100x4 (කාන්තා)
1. දකුණු පළාත් කණ්ඩායම (තත්ත්පර 48.50), 2. බස්නාහිර පළාත් කණ්ඩායම (48.6), 3. මධ්‍යම පළාත් කණ්ඩායම (50.02)
● මීටර් 100x4 (පිරිමි),
1. දකුණු පළාත් කණ්ඩායම (තත්පර 41.50), 2. නැගෙනහිර පළාත් කණ්ඩායම (42.11), 3. සබරගමුව පළාත් කණ්ඩායම (42.32).
● උස පැනීම (කාන්තා)
1. මුදිතා මධුෂානි (මීටර් 1.67 - වයඹ), 2. ෂානිකා මධුභාෂිණී පෙරේරා (බස්නාහිර 1.64), 3. ජී.වයි.ටී. දිනුක්ෂිකා (බස්නාහිර - 1.61).
● මීටර් 10,000 (කාන්තා )
1. ලංකා ආරියදාස (සබරගමුව විනාඩි 36, තත්ත්පර 56.41), 2. ශ්‍යාමලී අනුෂා (ඌව - 37.18.93), 3. ඒ.එන්.එම්. නන්දසේන (නැගෙනහිර 37.41.97)
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.