ජිතාරා ද්විත්ව ශූරතා දිනයි
බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය සමත් වූවාය. මෙම තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
වයස 18 න් පහළ සහ වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරග දෙකේදීම වට 3-1 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි පරාජය කරමින් ජිතාරා ද්විත්ව ශූරතාවට හිමිකම් කීවාය.
වයස 15 න් පහළ බාලක ශූරතාව දිනාගත් බෝපිටිය ලොයෙලා විදුහලේ සිතුම් නිරංග, වයස 18 න් පහළ බාලක අනු ශූරතාවද හිමිකර ගනිමින් එහිදී දස්කම් දැක්වීය. වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ රාජකීය විදුහලේ ලසෙන් ගිත්මාල් විසිනි.
බාලක තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
අකිල් තිලකසේකර (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සෙතික් දින්සර (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/13, 11/09)
■ වයස 10 න් පහළ
සලුක මතීෂ (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තෙෂාන් රාජපක්ෂ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/05)
■ වයස 12 න් පහළ
මහිත් ජයසුමන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස අතීෆ් රුස්ති (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/03, 13/11)
■ වයස 15 න් පහළ
සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස මහිත් ජයසුමන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (12/10, 04/11, 12/14, 11/09, 11/06)
■ වයස 18 න් පහළ
ලසෙන් ගිත්මල් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) පරාජය කරන ලදි. (11/09, 13/11, 14/12)
බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
මෙකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දිහන්සි පීරිස් (කොළඹ ලුම්බිණි විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09)
■ වයස 10 න් පහළ
ෆාත්මා දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සිත්මි සේයා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/06)
■ වයස 12 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සිත්මි සේයා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/07)
■ වයස 15 න් පහළ
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/04, 07/11, 11/07, 11/02)
■ වයස 18 න් පහළ
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (15/17, 11/04, 11/03, 11/06)