Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරිය ලබන සිකුරාදා (18 වැනිදා) වැනිදා මහරගම නගරයෙන් ආරම්භ කෙරේ. දින දහයක් පුරා කිලෝමීටර 1330 ක දුරක් ධාවනය කෙරෙන මෙම රේසින් පාපැදි තරගයේ ශූරයාට රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමේ.
‘ගිරුවාපත්තුවෙන් තල් අරණට - තල් අරණෙන් රුහුණු පුරට’ සංවිධානය මෙම පාපැදි තරගය සංවිධානය කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප‍්‍රාප්තිය සමරමින් සංවිධානය කෙරෙන මෙම පාපැදි සවාරිය දින 18 ක් පුරා කිලෝමීටර 1500 ක දුරකින් සමන්විතව පැවැත්වීමට සංවිධායකයන් මුලින්ම උත්සාහ ගත්තත් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙය දින 12 කට කෙටි කළ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානයේ සභාපති රුවන් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
තරගයේ දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ හතහමාරක්ද තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 5 ක් ද තිළිණ කෙරේ. මීට අමතරව 25 වැනි ස්ථානය දක්වා තවත් මුදල් තෑගි ගණනාවකි.
මෑත කාලයේදී සංවිධානය කෙරෙන දීර්ඝතම රේසින් පාපැදි සවාරිය මෙය වන අතර පාපැදි අතුරු කමිටුව තරගය මෙහෙයවයි.
තරගය පැවැත්වෙන ආකාරය (මුළු දුර කිලෝමීටර 1330)
මහරගම, කිරුළපන, බේස්ලයින්, පෑලියගොඩ, මීගමුව, හලාවත හරහා පුත්තලම දක්වා
පුත්තලම, තබ්බෝව, නොච්චියාගම, අනුරාධපුර හරහා වවුනියාව දක්වා
වවුනියාව, පුලියන්කුලම, කිළිනොච්චිය හරහා යාපනය දක්වා
යාපනය, අලිමංකඩ, ඕමන්තෙයි හරහා වවුනියාව දක්වා
වවුනියාව, මිහින්තලේ, කැකිරාව, දඹුල්ල හරහා කුරුණෑගල දක්වා
කුරුණෑගල, අලව්ව, අඹේපුස්ස, කෑගල්ල, කඩුගන්නාව හරහා මහනුවර දක්වා
මහනුවර, පේරාදෙණිය, ගම්පොළ, රම්බොඩ හරහා නුවරඑළිය දක්වා
නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙළ, බලන්ගොඩ හරහා පැල්මඩුල්ල දක්වා
පැල්මඩුල්ල, ඇඹිලිපිටිය, නෝනාගම, තංගල්ල හරහා මාතර දක්වා
මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, පානදුර හරහා කොළඹ දක්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.