Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික ශූරතා පාපැදි තරග 23-24 කොළඹදී

ජාතික ශූරතා පාපැදි තරග 23-24 කොළඹදී

Nisanka Sandeepani - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාපැදි සම්මේනය සංවිධානය කරන ජාතික ශූරතා පාපැදි තරගාවලිය මේ මස 23 සහ 24 යන දිනවල කොල්ලුපිටිය - දෙහිවල මුහුදුබඩ මාර්ගයේදී පැවැත්වේ. 
 
වසර 3 කට පසුව පැවැත්වෙන මෙම තරගාවලියට ඉසව් 8 ක් ඇතුළත්වන අතර වයස 16 න් පහළ බාලක සහ බාලිකා තරග දෙකත්, ප්‍රවීන තරගකරුවන් සඳහා පැවැත්වෙන තරගයත් ඊට එක්කොට ඇති නවාංග ලෙස හැදින්විය හැකිය. 
 
ජූනි මස 23 වැනිදා තරගාවලියේ කාලය මැනීමේ තරග පැවැත්වෙන අතර එම තරග කණිෂ්ඨ පිරිමි, කණිෂ්ඨ කාන්තා, සුපිරි පිරිමි, සුපිරි කාන්තා සහ වයස 23 න් පහළ පිරිමි යන ඉසව් සඳහා පමණක් සීමා කර තිබේ. 
 
සුපිරි පිරිමි තරගය සහ වයස 23 න් පහළ පිරිමි තරගය සඳහා ක්‍රීඩකයන් 60 දෙනෙක් බැගින් සහභාගි වන අතර ඊට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් 14 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් 11 ක්ද, කොළඹ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයන් 8 බැගින්ද, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයන් 5 බැගින්ද, මහනුවර සහ කැගලු දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයන් 2 බැගින්ද සහභාගි කරවීමට අදාල දිස්ත්‍රික් පාපැදි සංගම්වලට අවස්ථාව හිමිවී ඇත. 
 
දිස්ත්‍රික් පාපැදි සංගම් නොමැති වුවද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් 6 ක්ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් 2 ක්ද, මොණරාගල, මාතලේ, පොලොන්නරුව සහ මාතර යන දිස්ත්‍රික්කවලින් එක් ක්‍රීඩකයා බැගින්ද මෙවර තරගාවලියේ සුපිරි පිරිමි තරගය සහ වයස 23 න් පහළ පිරිමි තරගය සඳහා සහභාගි කරවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේනය සූදානමින් සිටියි. 
 
මේ වන විට විවෘත පාපැදි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් සමත්ව සිටින අතර ගුවන් හමුදාවේ සංජු දීමන්ත සහ ලෙමර් ප්‍රෝ කණ්ඩායමේ චාමික සඳුන් කුමාර පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. යුද හමුදාවේ සම්පත් වීරසිංහ එහි සිවුවැනි ස්ථානයටත්, වරාය අධිකාරියේ විරාන් රමේෂ් පස්වැනි ස්ථානයටත් පත්ව සිටිති. 
 
විවෘත පාපැදි ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන සංජු දීමන්ත, වයස 23 න් පහළ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියේ පසුවෙයි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් යුද හමුදාවේ සම්පත් වීරසිංහට සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මධුෂාන් ද සිල්වාට හිමිව තිබේ. 
 
සුපිරි පිරිමි තරගය සහ වයස 23 න් පහළ පිරිමි තරගය හැරුණු කොට සෙසු සියලුම ඉසව් සඳහා දිවයිනේ ඕනෑම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැකිය. ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රයක් ලබාගෙන තරගාවලියට අයැදුම් කළ යුතුය. 
 
‘ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, පැරණි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, නිදහස් චතුරස්‍රය, කොළඹ 7 යන ලිපිනයට අයැදුම්පත් ඉදිරිපත් කිරීමෙන් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාකරගත හැකිය. අයැදුම්පත් බාරගැනීම මේ මස 20 වැනිදායින් අවසන් වේ. 
 
තරගාවලියේ කාල සටහන 
වයස 16 න් පහළ බාලක - පෙරවරු 8.00 (කිලෝ මීටර් 20) 
වයස 16 න් පහළ බාලිකා - පෙරවරු 8.05 (කිලෝ මීටර් 10) 
කනිෂ්ඨ පිරිමි - පෙරවරු 8.45 (කිලෝ මීටර් 40) 
සුපිරි කාන්තා - පෙරවරු 10.00 (කිලෝ මීටර් 40) 
කනිෂ්ඨ කාන්තා - පෙරවරු 11.15 (කිලෝ මීටර් 10) 
ප්‍රවීන (වයස 40,50,60) - පෙරවරු 11.35 (කිලෝ මීටර් 20) 
වයස 23 න් පහළ පිරිමි - මධ්‍යහන 12.10 (කිලෝ මීටර් 80) 
සුපිරි පිරිමි - පස්වරු 2.15 (කිලෝ මීටර් 80) 

අදහස් (0)

ජාතික ශූරතා පාපැදි තරග 23-24 කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.