Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිසුරි මොල්ලිගොඩ ඊයේ (22 වැනිදා) සමත් වූවාය.
පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැති අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස නෙත්මි වඩුගේ පරාජය කරමින් තිසුරි මොල්ලිගොඩ පළමු වරට ජාතික ශූරිය බවට පත්වූවාය.
ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජය ගැනීමට තිසුරි මොල්ලිගොඩ සමත් වූවාය. කෙසේ වුවත් ආක‍්‍රමණ ශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කරමින් ලකුණු 6/3 ක් ලෙස දෙවැනි වටය ජයගත් නෙත්මි වඩුගේ, තරගය සම තත්ත්වයට පත්කළේ තරගයේ උණුසුම තවත් වැඩි කරමිනි.
තීරණාත්මක වූ තෙවැනි සහ අවසන් වටයේ මුල් භාගයේදී කී‍්‍රඩිකාවන් දෙදෙනාටම මාරුවෙන් මාරුවට ලකුණු රැස්කළ අතර අවසන් භාගයේදී උපක‍්‍රම ශීලි ලෙස තරග වදිමින් තම ලකුණු සංඛාව ඉහළ දමාගත් තිසුරි මොල්ලිගොඩ තරග වට 2-1 ලෙස සමස්ථ තරගයේ ජය තමන් සතු කරගත්තාය.
පළමු අවසන් පූර්ව තරගයේදී ඉකුත් වසරේ ජාතික කනිෂ්ට ශූරිය වූ මේදිරා සමරසිංහ හමුවේ තරග වට 2-0 ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ ලකුණු තත්ත්වය 6/2 ක් සහ 6/4 ක් ලෙස සටහන් විය.
තියුණු තරගයකින් අනතුරුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස අම්රිතා මුත්තයියා පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි වඩුගේ සමත් වූ අතර එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 7/5 ක් සහ 7/5 ක් ලෙසිනි.
මේ වසරේ පැවැති ජාතික කනිෂ්ට ටෙනිස් ශූරතාවලියේ බාලිකා කේවල අවසන් මහ තරගයේදීද තිසුරි මොල්ලිගොඩ සහ නෙත්මි වඩුගේ තරග වැදුණ අතර එහිදී තරග වට 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට නෙත්මි වඩුගේ සමත් වූවාය.
කෙසේ වුවත් 2009 වසරේ සිට ඉකුත් වසර (2014) දක්වා නොකඩවා 6 වරක් ජාතික ශූරිය බවට පත්ව සිටි අම්රිතා මුත්තයියා මෙවර තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවීම කැපී පෙනෙන සිදුවීමක් විය. අම්රිතා ජාතික ටෙනිස් ශේ‍්‍රණිගත කිරීම්හි කාන්තා අංශයේ පෙරමුණේ පසුවන්නීය.
දින 7 ක් පුරා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කළ අතර නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කළේය.
විවෘත කාන්තා අවසන් මහ තරගය
විවෘත කාන්තා අවසන් පූර්ව තරග
තිසුරි මොල්ලිගොඩ ශූරතා කුසලානය ලබාගනිමින්...
නෙත්මි වඩුගේ අනුශූරතා කුසලානය ලබාගනිමින්...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.