Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික ක‍්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඇරඹෙයි

ජාතික ක‍්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ක‍්‍රීඩා නිලධාරීන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වී නැතත් 41 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග ආරම්භ කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පිහිනුම් තරග පවත්වමින් ජාතික කී‍්‍රඩා උළෙලේ තරග අද (14 වැනිදා) ආරම්භ විය.

මෙවර ජාතික කී‍්‍රඩා උළෙල සඳහා සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය සහයෝගය දක්වන බව එම සංගමයේ සභාපති රෝහණ ජයලාල් මහතා පවසයි.
ක‍්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග අද සිට කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන රැසකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රෝහණ ජයලාල් මහතා ලංකාදීපට පවසා සිටියේ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් ආරම්භ වන දෙසැම්බර් 18 වැනිදාට පෙර වැටුප් ප‍්‍රශ්නය ඇතුළු සෙසු වෘත්තීය ගැටලූ සඳහා විසඳුම්  දෙන්නේ යැයි කියන විසඳුම් තමන්ට ලිඛිතව දෙන ලෙස ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට දැනුම්දුන් බවයි. ඇමැතිවරයාගේ සුබවාදී ප‍්‍රතිචාර හේතුවෙන් ජාතික මහ ක‍්‍රීඩා උළෙල සාර්ථක කරගැනීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයාට සහයෝගය දක්වන බව ද ජයලාල් මහතා පැවැසීය.

41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල පැවැත්වීම මේ වනවිට මාස කීපයකින් කල්යාමට හේතු වූයේද ක‍්‍රීඩා නිලධාරීන්ගේ වෘත්තීය අරගලයයි.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සියලූ කටයුතු සූදානම් කර අවසන්ව ඇති බවය. දියගම මහින්ද රාජපක්ෂ පිටිය ඒ සඳහා විශේෂයෙන්ම සූදානම් කරන බවද එහිදී ඇමැතිවරයා පැවැසීය.


කණ්ඩායම් තරග කාල සටහන

  • පිහිනුම් (කාන්තා-පිරිමි) : නොවැම්බර් 14-15 සුගතදාස පිහිනුම් තටාකයේදී
  • ටයිකොන්ඩෝ (කාන්තා - පිරිමි) : නොවැම්බර් 19-20 කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී.
  • වෙරළ වොලිබෝල් (කාන්තා/පිරිමි) : නොවැම්බර් 21-22 ත‍්‍රිකුණාමලය වෙරළ තීරයේදී.
  • හොකී (කාන්තා/පිරිමි) : නොවැම්බර් 21, 22, 23 ටොරින්ටන් කෘත‍්‍රිම හොකී පිටියේදී.
  • සැහැල්ලූ පන්දු කි‍්‍රකට් (කාන්තා/පිරිමි) : නොවැම්බර් 28-29 මාතර උයන්වත්ත හා මාතර සනත් ජයසූරිය යන ක‍්‍රීඩාංගණවලදී.
  • පාපන්දු (පිරිමි/කාන්තා) : දෙසැම්බර් 4, 5, 6, 7 බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී.
  • ජූඩෝ (පිරිමි/කාන්තා) : නොවැම්බර් 27, 28, 29 තංගල්ල රාහුල මහ විදුහලේදී.
  • බොක්සිං (පිරිමි) : නොවැම්බර් 28, 29, 30 වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් ගෘහස්ථ පිටියේදී.
  • දැල්පන්දු (කාන්තා) : නොවැම්බර් 28, 29, 30 ගම්පහ ශ්‍රී බෝධි ක‍්‍රීඩාංගණයේදී.
  • කබඩි (කාන්තා/පිරිමි) : නොවැම්බර් 28, 29, 30 මන්නාරම පළාත් සභා ගෘහස්ථ පිටියේදී.
  • වොලිබෝල් (කාන්තා/පිරිමි) : නොවැම්බර් 28, 29, 30, දෙසැම්බර් 1 නාවලපිටිය ජයතිලක පිටියේදී.
  • ජිම්නාස්ටික් (කාන්තා/පිරිමි) : නොවැම්බර් 28-29 ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී.
  • බැඞ්මින්ටන් (කාන්තා/පිරිමි) : නොවැම්බර් 27,28,29 මෙට්ලන්ඞ් පෙදෙස බැඞ්මින්ටන් සංගම් ගෘහස්ථ පිටියේදී.
  • එල්ලේ (කාන්තා/පිරිමි) : දෙසැම්බර් 4, 5, 6 කුලියාපිටිය කාර්මික විදුහල් පිටියේදී.
  • මල්ලව පොර (පිරිමි): දෙසැම්බර් 1-2 ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී.
  • කායවර්ධන (පිරිමි) : දෙසැම්බර් 1 කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී.
  • බර ඉසිලීම (කාන්තා/පිරිමි) : දෙසැම්බර් 2-3 ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී.
  • කරාටේ (කාන්තා/පිරිමි) : දෙසැම්බර් 5-6 අනුරාධපුර ගෘහස්ථ පිටියේදී.
  • මේසපන්දු (කාන්තා/පිරිමි) : දෙසැම්බර් 5-6 ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ පිටියේදී.
  • පැසිපන්දු (කාන්තා/පිරිමි) : දෙසැම්බර් 4, 5, 6, කොළඹ රාජකීය විදුහල් පැසිපන්දු පිටියේදී.
  • මලල කී‍්‍රඩා (කාන්තා/පිරිමි) : දෙසැම්බර් 18, 19 20 දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී.

 

●●●


අදහස් (0)

ජාතික ක‍්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.