Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාවෙන් සහභාගිවන පිහිනුම් කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියේදී නව ජාතික වාර්තා දෙකක් පිහිටුවීමට චෙරන්ත ද සිල්වා සහ කනිත මුණසිංහ සමත්වුහ. සාග් ක‍්‍රීඩා උළෙල ලබන පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ අතුරු කමිටුව සංවිධානය කළ මෙම තරග කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණ.
මීටර 200 සමනල ආර ඉසව්ව (පිරිමි) විනාඩි 2 තත්.07. 74 ක කාලයකින් නිම කරමින් චෙරන්ත නව වාර්තාව පිහිටුවීය. 2013 වසරේ ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේදී මැතිව් අබේසිංහ (වි. 2 තත්.9.74) පිහිටුවා තිබු වාර්තාව ඒ අනුව බිද වැටිණි. මීටර 50 ළය ආර ඉසව්වේදී කනිත, 2014 වසරේදී තමන් විසින් පිහිටුවන ලද වාර්තාව (තත්.30.71) අලූත් කරමින් මෙවර තත්පර 30.68 කින් තරගය නිම කළේය.
චෙරන්ත , කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන අතර කනිත, කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලැබීය. චෙරන්ත, රේන්බෝ ජල ක‍්‍රීඩා සමාජය ද, කනිත නාවික හමුදාව ද නියෝජනය කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.