Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා අයෝමය ශූරයා (2016) තේරීමේ තරගාවලියට සමගාමීව පැවැති ජාතික කනිෂ්ඨ අයෝමය ශූරයා තේරීමේ තරගයේ ජය එම්. රාජකුමාරන්ට හිමිවිය. ඒ සඳහා වයස 21ට අඩු තරගකරුවන් 100 දෙනකු පමණ සහභාගි වූ අතර එම ජයග්‍රහණය වෙනුවෙන් රාජකුමාරන්ට චෙන්නායි නුවර දින පහක් ගතකර පැමිණීමේ ගුවන් ප්‍රවේශපත්‍රයක් හිමිවිය.
කනිෂ්ඨ ඉසව්ව සඳහා සහභාගි වූ තරගකරුවන්ගේ සහභාගිත්වයේ ඉහළ වර්ධනයක් දක්නට ලැබුණ බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා පැවසීය.
බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය බර පංතීන් නවයකින් සමන්විතව පැවැත්වුණි. එහිදී තරගකරුවන් වැඩිම ගණනක් ඉදිරිපත්ව සිටියේ කිලෝග්‍රෑම් 70 බර පංතිය සඳහාය. ඒ සඳහා තරගකරුවෝ 23 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
ශ්‍රී ලංකා අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සමග කනිෂ්ඨ ඉසව්වේ ශූරයන් ඡායරූපයකට පෙනී සිටි අයුරු. එම්. රාජකුමාරන් (මැද), දෙවැනි ස්ථානයට පත් මල්ෂාන් වීරසිංහ හා තෙවැනි ස්ථානයට පත් බී.ඩී.එන්. චතුරංග එම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු, එහි ලේකම් නිහාල් වීරතුංග, උප සභාපතිවරුන් වන ප්‍රසන්න පීරිස්, එෆ්.එම්. ජයවර්ධන හා සමස්ත තරගයේ හා කනිෂ්ඨ තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනාට චෙන්නායි සංචාරයකට නොමිලේ පහසුකම් ප්‍රදානය කළ “කන්ටි්‍රවැකේෂන්” ගුවන් ප්‍රවේශ පත්‍ර නියෝජිත ආයතනය වෙනුවෙන් උත්සවයට සහභාගි වූ එහි නියෝජිත අයි. අප්පාරජා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.