Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික පැසිපන්දු ශූරතාව ගුවන් හමුදාවට

ජාතික පැසිපන්දු ශූරතාව ගුවන් හමුදාවට

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සංවිධානය කළ ජාතික පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. ගුවන් හමුදා කණ්ඩායමක් අවසන් වරට ජාතික පැසිපන්දු ශූරතාව දිනාගෙන අත්තේ 1987 වසරේදී බැවින් මෙවර ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ වසර 30 පසු වීම කැපීපෙනෙන සිදුවීමකි.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 84-60 ක් ලෙස කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය.
 
මූලික වටයේ තරග වලදී යුද හමුදාව, පොලිසිය, මඩකලපුව යන ක්‍රීඩා සමාජ කණ්ඩායම් පරාජය කළ ගුවන් හමුදාව, අවසන් පූර්ව වටයේදී වෙළෙඳ සේවා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ගුවන් හමුදා කණ්ඩායමේ වෙනිටෝ ඇන්තනී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර රවී දොඩන්ගොඩ අවසන් මහ තරගයේදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් විය.

රවී දොඩන්ගොඩ ගුවන් හමුදා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර කේ. අයි. විජේසේන, ඕ. උමයංග, වෙනිටෝ ඇන්තනී, ජී. සිල්වා, ඒ. පෙරේරා, ආර්. පෙරේරා, ජී. විජේවර්ණසූරිය, නිෂේන් සිල්වා, එන්. ශ්‍රීධරන්, වයි. අරුණ්, සහ පී. පුබුදු යන ක්‍රීඩකයෝ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ.

 

 

- 036


අදහස් (0)

ජාතික පැසිපන්දු ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.