Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික බර ඉසිලීමේ ශූරතාව ගුවන් හමුදාවට

ජාතික බර ඉසිලීමේ ශූරතාව ගුවන් හමුදාවට

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි සහ කාන්තා සමස්ත ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 2 ක් පිහිටුවීමටද ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කාන්තා අංශයේ කිලෝ ග්‍රෑම් 58 බර පංතියෙන් තරග වැදුණ ආර්.එම්.එන්. රාජපක්ෂ සහ පිරිමි අංශයේ කිලෝ ග්‍රෑම් 105 ට වැඩි බර පංතියෙන් තරග වැදුණ ඩබ්ලිව්.පී. චාරුක එම වාර්තා 2 ට හිමිකම් කීහ.

ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ පී.කේ.අයි. පළගසිංහ සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ බී.ඩී.එච්. ගෝමස් සම්මාන දිනාගත්තාය.

තරගාවලියේ කනිෂ්ඨ පිරිමි අනු ශූරතාව හිමිකරගැනීමටද ගුවන් හමුදාව සමත් වූ අතර ගුවන් හමුදාවේ යූ.ආර්.ආර්. ජයසේන කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

 

- 036


අදහස් (0)

ජාතික බර ඉසිලීමේ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.