Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටොරින්ටන් පෙදෙස කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික හොකී තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම තමන් සතුකර ගැනීමට සන්නද්ධ සේවා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හොකී ව්‍යාපෘතිය යටතේ පැවැති මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 18 ක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගි විය.
පිරිමි අවසන් මහ තරගයේදී ගෝල 5-0 ක් ලෙස රාජ්‍ය සේවා කණ්ඩායම පරාජය කිරීමට සන්නද්ධ සේවා ක්‍රීඩකයන් සමත් වූ අතර කාන්තා අවසන් මහ තරගයේදී ගෝල 6-0 ක් ලෙස කොළඹ කණ්ඩායම පරාජය කිරීමට සන්නද්ධ සේවා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සන්නද්ධ සේවා කණ්ඩායමේ කේ.එම්.ආර්. කුලතුංග සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සන්නද්ධ සේවා කණ්ඩායමේ ජී.ජී.ජී. දමයන්ති සම්මාන දිනාගත්තාය.
පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට වෙළඳ සේවා කණ්ඩායම සමත් වෙද්දී, කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය මහනුවර කණ්ඩායමට හිමිවිය.
පිරිමි අවසන් මහ තරගය
ආරක්ෂක සේවා කණ්ඩායම විසින් ගෝල 5-0 ක් ලෙස රාජ්‍ය සේවා කණ්ඩායම පරාජය කරන ලදි.
කාන්තා අවසන් මහ තරගය
ආරක්ෂක සේවා කණ්ඩායම විසින් ගෝල 6-0 ක් ලෙස කොළඹ කණ්ඩායම පරාජය කරන ලදි.
ජාතික හොකී තරගාවලියේ විශේෂ අවස්ථා...
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.