Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බියගම සියඹලාපේ හන්දිය ඇවිදීමේ මංතීරුව කේන්ද්‍රකර ගනිමින් ඊයේ (30) පැවැති ජාතික රට හරහා දිවීමේ තරගයේ විවෘත පිරිමි ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ ජාලිය කුමාර බණ්ඩාර (අංක 3463) සමත්විය. නාවික හමුදාවේ මධුමාලී පෙරේරා විවෘත කාන්තා ඉසව්ව ජය ගත්තාය.
ජාලියට සහ මධුමාලීට ලබන පෙබරවාරී මස 29 වැනිදා බහරේන්’හි පැවැත්වෙන ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරගයට සහභාගිවීමේ අවස්ථාව ද හිමිවුහ.
කිලෝමීටර 11 ක දුරකින් පැවැති මෙවර රට හරහා දිවීමේ තරගය සඳහා දිවයිනේ නමගිය මැරතන් තරගකරුවන් ඇතුඵ තරගකරුවෝ 70 දෙනෙක් සහභාගිවුහ.
![]() |
පිරිමි අංශයේ පළමු දෙවැනි සහ තෙවැනි ස්ථාන තුනම යුද හමුදා ක‍්‍රීඩකයන් විසින් දිනාගනු ලැබීම කැපී පෙනේ.
ජාලිය, විනාඩි 40 තත්පර 1 ක කාලයකින් තරගය නිම කරමින් පිරිමි ඉසව්ව ජය ගත් අතර දෙවැනි ස්ථානය හිමිකර ගත් යුද හමුදාවේ එන්. ජී. අබේරත්න විනාඩි 40 තත්පර 12 ක කාලයකින් තරගය නිම කළේය. යුද හමුදාවේම විජිත කුමාර (විනාඩි 40.40) තෙවැනි ස්ථානය ලැබීය.
පසුගිය වසරේ පැවැති කොළඹ මැරතන් තරගයේ (පිරිමි) දෙවැනි ස්ථානය දිනාගත් ජාලිය, රට හරහා දිවීමේ තරගයකට සහභාගි වු පළමු අවස්ථාව මෙය වේ. මහනුවර ධර්මරාජ විදුහලේ ආදී ශිෂ්‍යයකු වන ජාලිය 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලේ මැරතන් තරගයට සහභාගිවන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තේරීමේ තරගයෙන් තෙවැනි ස්ථානය හිමිකරගත් කී‍්‍රඩකයාද වෙයි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට මැරතන් ශූරයකු වන යුද හමුදාවේ අජිත් බණ්ඩාර තරගය අතරමගදී ඉවත්විය. බණ්ඩාර පැවසුවේ සතියකට පෙර තමන් මැරතන් තරගයකට සහභාගි වු නිසා තමන්ට මෙම තරගය අතරමැදදී වෙහෙසක් ගෙන දුන් බවයි.
පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල සඳහා පැවැති අජිත් බණ්ඩාරට ඉදිරිපත් විය නොහැකි විය.
කාන්තා ඉසව්ව ජයගත් මධුමාලී පෙරේරා (අංක 341) විනාඩි 31 තත්පර 36 ක කාලයකින් තරගය නිම කළාය. ගුවන් හමුදාවේ ඒ. එල්. එන්. ආරියදාස (විනාඩි 32. 19) දෙවැනි ස්ථානය ද, පොලිසියේ ඞී. එම්. වීරක්කොඩි (විනාඩි 32.33) තෙවැනි ස්ථානය ද ලැබුහ.
පසුගිය වසරේ අනුරාධපුරයේ පැවැති අර්ධ මැරතන් තරගයේ කාන්තා ඉසව්ව ජයගත් මධුමාලී, ශ‍්‍රී සුනන්දේවෝපනන්ද ප‍්‍රාථමික නවෝද්‍යා පාසලේ ආදී ශිෂ්‍යාවකි.
ඇය 2014 වසරේ සිංගප්පුරුවේ පැවැති ජාත්‍යන්තර මැරතන් තරගයකට ද සහභාගිවී තිබේ.
ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ මෙම තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සහ බියගම ප‍්‍රාදේශීය සභාවේ ස හිටපු භාපති ප‍්‍රසන්න සම්පත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
ජාතික රට හරහා දිවීමේ තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප : සජීක ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.