Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2008 න් පසුව සිය ටෙනිස් ක්‍රීඩා දිවියේ වඩාත් නරකම පරාජයට සමීපවෙමින් සිටි ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් විම්බල්ඩන් අවනම්බුවකට මුහුණ දීමට ඔන්න මෙන්න කියා සිටියදී වර්ෂාව පතිතවීමෙන් යන්තම් සිය කීර්ති නාමය බේරා ගත්තේය.
ලිත් වර්ෂයකදී ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම සම්පූර්ණ කිරීමේ ගමන් මගේ දැනටමත් හරි අඩක් පැමිණ සිටින ජොකෝවික් මෙවර විම්බල්ඩන් තරගාවලියේ තුන්වැනි වටයේ තරගයේදී ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි තැන පසුවන අමෙරිකාවේ සෑම් කොරී හමුවේ පළමු වටයේ තරග දෙකක්ම පරාජයට පත්වූයේ 7-6 ක් සහ 6-1 ක් ලෙසිනි. එහෙත් තරගය ආරම්භ වී මිනිත්තු 73 ක් ගතවූ තැන ජොකෝවික්ගේ කීර්තිය රැකදෙමින් වර්ෂාව පතිතවීමෙන් තරගය අත්හිටවනු ලැබිණ.
ලිත් වර්ෂයක මුල සිට පැවැත්වෙන ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 ම එකදිගට ජයග්‍රහණය කිරීමට අවසන් වරට සමත්වූයේ ඕස්ටේ්‍රලියාවේ රොඞ් ලීවර්ය.
ඔහු 1969 ජනවාරියේ සිට එක දිගටම ඒ වසරේ පැවැති ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම ජයගනිමින් ඒ හපන්කම පෑමෙන් පසුව මේ දක්වා කිසිදු ක්‍රීඩකයකුට එවැනි දස්කමක් පෙන්වීමට නොහැකිවිය.
එවර පමණක් නොව ඊට පෙර 1962 දිත් එම වාර්තාව තැබූ අතර ලිත් වර්ෂයකදී ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 ම ජයගත් එකම හා අවසන් ක්‍රීඩකයා මෙන්ම එවැනි හපන්කමක් දෙවරක් කළ එකම ක්‍රීඩකයා ලෙසත් ටෙනිස් ඉතිහාස පොතට රොඞ් ලීවර් එක්වී සිටී.
ඕස්ටේ්‍රලියාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු වන රොඞ් ලීවර්ගේ නමින් මෙල්බර්න් ටෙනිස් සංකීර්ණයේ පිහිටි ටෙනිස් ක්‍රීඩාංගණයක් පවා නම්කර තිබේ.
සෑම වසරකදීම ජනවාරි අවසන් දෙසතියේ වසරේ පළමුවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය ලෙස ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වෙන අතර මැයි අන්තිම සතියේ සිට ජූනි පළමු සතිය දක්වා දෙවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය වන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වෙයි.
ග්‍රෑන්ඞ් ස්ලෑම් තුන්වැනි තරග ඉසව්ව වන්නේ විම්බල්ඩන් තරගාවලිය පැවැත්වෙන්නේ සෑම වසරකදීම ජූලි පළමු සති දෙකේදිය. වසරේ අවසන් හා සිවුවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය අගෝස්තු අන්තිම සතියේ සිට සැප්තැම්බර් පළමු සතිය දක්වා පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියයි
ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 12 ක්ම දිනා සිටින ජොකෝවික්ගේ දැන් කල්පනාව ඒ අනගි වාර්තාවේ අලුත්ම හිමිකාරයා වීමටය. එහෙත් සෑම් කොරී ඔහුගේ විම්බල්ඩන් සිහිනය අභියෝගයකට ලක් කිරීමෙන් මේ 29 හැවිරිදි සර්බියානුවා සිටියේ දැඩි කැළඹීමකිනි.
කොරීට එරෙහිව තරග 8-1 ක ජයග්‍රහණ වාර්තාවක් කරපින්නාගෙන සිටින ජොකෝවික් මීට වසර අටකට පෙර මරාට් සාෆින්ට දෙවැනි වටයේදී පරාජය වීමෙන් පසුව විම්බල්ඩන් තරගාවලිය නියෝජනය කිරීමට පැමිණි අවසන් අවස්ථා 7 දී අවම වශයෙන් අර්ධ අවසන් පූර්ව වටය දක්වා හෝ පැමිණීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.