Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් නැවතත් එවරස්ට් කන්ද තරණය කිරීමට සැරසෙයි. 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක්මානය දක්වා ගමන්කළ ජොහාන්ට, මුදුනට ලගාවීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම නිසා මුදුනතට මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවිය.
මුල් වතාවේදී ජොහාන් සමග එවරස්ට් තරණයට එක්වූ ජයන්ති කුරුඋතුම්පලා, මුහුදු මට්මමේ සිට මීටර් 8,848 ක් උසින් පිහිටි එවරස්ට් කඳු මුදුනට සාර්ථකව ලඟා වූවාය. එම අවස්ථාවේදී සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කඳු මුදුන කරා නොගොස් අතරමග නැවතුන ජෙහාන්, මෙවර කඳු මුදුන කරා ලඟා වීමේ අරමුණින් පසුවෙයි.
අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වේ. එම කණ්ඩායම සාර්ථකව කිහිපවරක්ම එවරස්ට් කඳු තරණය නිමා කර ඒ පිළිබඳ අත්දැකීම් සහිත ගෝලීය මට්ටමේ ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන සිටින කඳු නගින්නන්ගේ සංගමයකි.
එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා එක් අයකුට ඇමරිකානු ඩොලර් 58,600 ක පිරිවැයක් දැරීමට සිදුවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් (90,24,400) මිලියන 9ක් ඉක්මවන්නකි. ඊට මගපෙන්වීමේ සහායකයන්, සියලුම කඳු නැගීමේ බලපත්‍ර, ආහාර සහ නවාතැන් පහසුකම්, භාණ්ඩ ගෙනයෑමේ ගාස්තු, වෛද්‍ය පහසුකම්, සන්නිවේදන පහසුකම්, ඔක්සිජන්, රක්ෂණාවරණය සහ හෙලිකොප්ටර් මගින් කරන මුදා ගැනීමේ සේවාවන් අන්තර්ගත වේ.
සිය දෙවැනි එවරස්ට් තරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ජෙහාන් පීරිස් පවසා සිටියේ මේ වන විට තමා හෘදය ආශ්‍රීත ව්‍යායාම, මාංශ පේෂී ශක්තිමත් කිරීමේ පුහුණුව, ඉහළ උන්නතංශගත ශරීර සුවතා ක්‍රියාකාරකම්, දිගු දුර දිවීම, දිගු දුර පිහිනීම සහ කඳු නැගීම පිළිබඳ පුහුණුවද ලබා සිටින බවයි. සිය දෙවැනි උත්සාහය සාර්ථක කරගැනීමට අවශ්‍ය යහපත් ශාරීරික මෙන්ම මානසික මට්ටමක පසුවන බවද හෙතෙම පැවසීය. ජෙහාන්ගේ ගමනට සුබපැතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
එවරස්ට් කඳු තරණයට අමතරව ජෙහාන්, අප්‍රිකාවේ උසම කන්ද වන ‘කිලිමන්ජාරෝ’ කන්ද තරණය කළ සිවුදෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක්ද විය. එහිදී ඔවුන්ගේ කඳු තරණ මාර්ගය ලෙස යොදාගත්තේ කඳු මුදුනට ලඟා වීමට ඇති දීර්ඝතම මාර්ගය වූ ‘ලෙමොෂෝ’ මාර්ගයයි.
2012 වසරේදී නේපාලයේ ‘අයිලන් පීක්’ කන්ද තරණය කිරීම සඳහා සහභාගි වූ පස්දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම සාර්ථකව කන්ද තරණය කළ දෙදෙනාගෙන් අයෙක් වීමට ජෙහාන් සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.