Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ටි-කප් පාපැදි සවාරිය මැයි මාසයේ

ටි-කප් පාපැදි සවාරිය මැයි මාසයේ

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අප්‍රේල් මස 27, 28, 29 යන දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ “ටී-කප්” අන්තර්ජාතික පාපැදි සවාරිය (තරගය) එම මාසයේ අගට වෙසක් පෝය යෙදී තිබෙන බැවින් ලබන මැයි මාසයට කල් දැමීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ඊයේ (31) පැවැති කවුන්සිල රැස්වීමේදී තීරණය වී තිබේ.

ඒ අනුව රටවල් රැසක තරගකරුවන් සහභාගි වන ටී-කප් ජාත්‍යන්තර  පාපැදි සවාරිය ලබන මැයි 4, 5 සහ 6 යන දිනවලදී පැවැත්වීමට එහිදී තීරණය වී තිබේ.

පාපැදි සම්මේලනයේ කවුන්සිල රැස්වීමක් අද (31) පැවැත්වුණේ මාස 20 කට පමණ කාලයකින් පසුවය. එහි නව සභාපති එන්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීම පැය එකහමාරක් තරම් කාලයකට සීමා වුවත් එහිදී වැදගත් තීරණ රැසක් ගනු ලැබූ බව වාර්තාවේ.

ඒ අනුව වසර කීපයක් තිස්සේ නොපැවැත්වුණු ජාතික පාපැදි ශූරතාවලිය මේ වසරේදී පැවැත්වීමට තීරණය කිරීමත් කැපී පෙනේ. පාපැදි සම්මේලනයේ පසුගිය වසර කීපයේදී වාර්ෂික තරග කාලසටහන එළි දැක්වීමක් සිදු නොවුවත් ඊයේ කවුන්සිල රැස්වීමේදී තීරණය කර ඇත්තේ වඩාත් නිවැරැදි හා නිත්‍ය තරග කාලසටහනක් ඉතා ඉක්මනින් එළිදැක්වීමටය.

ශ්‍රී ලංකාවේදී ලබන අප්‍රේල් මාසයේදී දෙවැනි වරටත් පැවැත්වෙන ටී-කප් අන්ත්ර් ජාතික පාපැදි සවාරිය මෙවර දෙවැනි වරටත් පැවැත්වීමේදී එහි වඩාත්ම විශේෂයක් ගෙන ඇත්තේ එය මේ වසරේ පටන් අන්තර්ජාතික පාපැදි සම්මේලනය පිළිගත් නිල ජාත්‍යන්තර තරග කාලසටහනට ඇතුළත් අනුමත තරගයක් වී තිබේ.

ශ්‍රී ලංකාව සංවිධානය කරන ජාත්‍යන්තර පාපැදි තරගයක් අන්තර් ජාතික පාපැදි සම්මේලනය නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙය වන අතර ඒ හේතුවෙන් ඒ සඳහා ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ වෙබ් අඩවිය ඔස්සේ තරග අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද ලොව ඕනෑම රටක පාපැදි තරගකරුවකුට අවස්ථාව හිමිව තිබේ.

මේ අතර ඊයේ රැස්වූ පාපැදි සම්මේලන කවුන්සිලය නිත්‍ය ලෙසට සංවිධානය කෙරෙන තරග පමණක් ඇතුළත් 2018 වාර්ෂික තරග කාලසටහන සකස් කිරීමට තීරණය කර තිබේ.

පාපැදි සම්මේලනයේ ක්‍රියාකාරකම් විමධ්‍යගත කිරීම සඳහා අනුකමිටු 20 ක් ඊයේ පත් කිරීමටද තීරණය කර තිබේ.

පාපැදි කවුන්සිල රැස්වීමේදී ගත් වෙනත් තීරණ අතර ලබන පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී එහි භාණ්ඩාගාරික ධුරය සඳහා පාපැදි සම්මේලනයේ භාණ්ඩාගාරික සේනක රණසිංහ මහතා යෝජනා කර සිටීමත් කැපී පෙනේ.

පාපැදි සම්මේලනය සිය දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්ම ඉදිරි පස් අවුරුද්දක් ඉලක්ක කරමින් සකස් කෙරෙන බවත් එහිදී පාපැදි විනිසුරුවන් හා පාපැදි පුහුණුකරුවන්ගේ ගුණාත්මක තත්ත්වයත් කැපවීම සඳහා වඩාත් ප්‍රමුඛතාවයක් ලැබෙන බවත් පාපැදි සම්මේනයේ සභාපති එන්. කරුණාරත්න මහතා පවසයි.

මාස 20 ක පමණ කාලයකින් පාපැදි කවුන්සිලය රැස් නොවුවත් පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් මත එහි විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

 


අදහස් (0)

ටි-කප් පාපැදි සවාරිය මැයි මාසයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.