Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය පළමු වරට සංවිධානය කරන ‘ටී-කප්’ පාපැදි සවාරිය සඳහා මේ වන විට විදෙස් කණ්ඩායම් 7 ක් සහ දේශීය කණ්ඩායම් 7 ක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ. අප්‍රේල් මස 7, 8 සහ 9 යන දින වලදී දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ (පාසිකුඩා) සිට බස්නාහිර වෙරළ තීරය (මීගමුව) දක්වා දක්වා මෙම තරගය පැවැත්වේ.
බංග්ලාදේශය, නෙදර්ලන්තය, කෙන්යාව, මැලේසියාව, පාකිස්තානය, පිලිපීනය සහ සිංගප්පූරුව යන රටවල් නියෝජය කරමින් එම විදෙස් කණ්ඩායම් 7 තරගාවලියට සහභාගි වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන දේශිය කණ්ඩායම් 7 වන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය, දෙහිවල - ගල්කිස්ස මහ නරග සභාව සහ ටෙලිකොම් සමාගමයි.
අදියර තුනකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ පළමු අදියර අප්‍රේල් මස 7 වැනිදා ආරම්භ වන අතර එහිදී තරගකරුවන්ට පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ හරහා මහියංගනයට පැමිණීමට සිදුවේ. එම අදියරේ මුලු දුර කිලෝ මීටර් 140 කි.
දෙවැනි අදියර අප්‍රේල් මස 8 වැනිදා මහියංගනයෙන් ආරම්භ වන අතර එහිදී තරගකරුවන් හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, රඹුක්වැල්ල, ඔරුතොට, කිරිමැටිය සහ මහයියාව පසුකරමින් මහනුවර දක්වා කිලෝ මීටර් 80 ක දුරක් ගමන් කළ යුතුය.
අප්‍රේල් මස 9 වැනිදා මහනුවරින් ආරම්භ වන තෙවැනි අදියරේදී තරගකරුවන්ට කිලෝ මීටර් 120 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දංකොටුව හරහා මීගමුවට පැමිණිමෙන් එම අදියර අවසන් වේ.
තරගයට සහභාගි වන තරගකරුවන් ලියාපදිංචි කිරීම අප්‍රේල් මස 5 වැනිදා මීගමුව කැටමරන්ස් හෝටලයේදී පැවැත්වෙන අතර 6 වැනිදා එම තරගකරුවන් සියලු දෙනා තරග ආරම්භය සඳහා මීගමුවේ සිට පාසිකුඩා දක්වා රැගෙන යනු ලැබේ.
තරගයේ පළමු ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාගේ සිට 20 වැනි ස්ථානය හිමිකර ගන්නා ක්‍රීඩකයා දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඒ සඳහා වෙන්කර ඇති මුලු මුදල රුපියල් මිලියන 3 කට ආසන්න වන බව සංවිධායකයෝ පවසති.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ මෙම තරගය පැවැත්වෙන අතර ඊට සහභාගි වන සියලුම තරගකරුවන්ට නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය සූදානමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.