Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ටෙනිස් සංගමය සියවස සමරයි

ටෙනිස් සංගමය සියවස සමරයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ආසියාවේ පැරණිතම ටෙනිස් සංගමය වන ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකදී ටෙනිස් කී‍්‍රඩා වෙනුවෙන් ඉටුකරන ලද සේවය වෙනුවෙන් කී‍්‍රඩකයන් සහ නිලධාරීන් පිරිසකට සම්මාන පිරිනැමිණි.

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය වසර 1915 දී පිහිටුවාගන්නා ලද අතර එවකට ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි ශී‍්‍රමත් රොබට් චාමර්ස් එහි පළමු සභාපතිවරයා විය.

සියවස සැමරීමේ උත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ටෙනිස් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට විශේෂ සේවාවක් ඉටුකළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 14 දෙනෙක් වෙත සම්මාන පිරිනැමිණි.

එමෙන්ම ජාත්‍යන්තර තලයට පිවිසීමට සමත් වූ අබාධිත ටෙනිස් ක‍්‍රීඩකයන් දෙදෙනෙකු වන ගාමිණී දිසානායක සහ උපාලි රාජකරුණා යන ක‍්‍රීඩකයන් දෙදෙනාටද විශේෂ සම්මාන දෙකක් පිරිනැමිණි.

ක‍්‍රීඩාවේ වර්ධනයට මහඟු මෙහෙවරක් ඉටුකළ ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතාට සහ පසුගිය දශකය තුළ ඬේවිස් කුසලානයේ වැඩිම සාර්ථකත්වයක් අත්පත් කරගත් කී‍්‍රඩකයා වන හර්ෂණ ගොඩමාන්නටද එහිදී සම්මාන පිරිනැමිණ.

ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ ඉතිහාසය ගැන කෙටි හඳුන්වා දීමක්ද එහිදී සිදුකෙරිණි. එමෙන්ම සංගමයේ අනාගත අරමුණු සඳහා ශත සංවත්සර අරමුදල නමින් විශේෂ අරමුදලක්ද හඳුන්වා දෙන ලදි. ඊට අමතරව ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ ශත වර්ෂ පූර්ණය වෙනුවෙන් නිකුත් කරන ලද සමරු මුද්දරය සහ මුල්දින කවරයද එහිදී එළිදක්වන ලදි.

”පසුගිය වසර 100 ක කාලය තුළ රටේ ටෙනිස් ක‍්‍රීඩාව බොහෝ දුරක් පැමිණ තිබෙනවා. ගතවූ වසර අපට තවත් සුවිශේෂී වූ වසරක් ලෙස හඳුන්වන්නට පුළුවන්”
”අඛණ්ඩව පස්වැනි වරටත් වරටත් අපි ඬේවිස් කුසලානයේ දෙවැනි කාණ්ඩයේ මට්ටමට පැමිණීමට සමත් වුණා. ඒ වගේම ඬේවිස් කුසලානයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ‍්‍රී ලංකාව වසර 10 ක කාලයක් තුළ 95 ස්ථානයේ සිට 62 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.” යැයි එම උත්සවයේදී අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා කියා සිටියේය.
 
”වෘත්තීය ටෙනිස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකිරීම කෙරෙහි දැන් අපේ අවධානය යොමුවිය යුතුයි. ඉහළම මට්ටමේ ජාත්‍යන්තර තරගාවලි වලට සුදුසුකම් ලැබීමේ සිහිනය සැබෑ කරගැනීමට හැකිවන්නේ එසේ වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකිරීමෙන් පමණයි.” යයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස්, ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඞ්, ආසියානු ටෙනිස් සංගමයේ සභාපති අනිල් ඛන්නා සහ එහි ලේකම් සුරේෂ් සුබ‍්‍රමනියම් යන මහත්වරු ඇතුළු විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

හර්ෂණ ගොඩමාන්න, ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා අතින් සම්මාන ලැබූ අයුරු...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සුරේෂ් සුබ‍්‍රමනියම් මහතාට, ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා විසින් සම්මාන පිරිනමනු ලැබූ අයුරු...

 

- 036


අදහස් (1)

ටෙනිස් සංගමය සියවස සමරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.